සියක් බල ලෙසින් පචලිත සියක් රෝග නසන "සියඹලා" කොලෙස්ටරෝල් පාලනයට, පිළිකා මර්ධනයට,
පුරණයේ සිට අපේ ආහාර රසවත් කළ ප්‍රධානතම කුළුබඩුව වෙයි. කුළුබඩු ලොව රජු ලෙස ගම්මිරිස් ජන ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ඒ නිසාවෙනි.
ශ්‍රී ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේට වැලඳුන රෝගාබාධයකට සුළු ගුළු උපාසක තැන විසින් සකසා දෙන කැඳ සඳහා ද කළුදුරු ඇතුළත්ව තිබි ඇත.
සැහැල්ලුයි, කටුක රසයි, රළුයි, උෂ්ණයි, සෙම් පිත් නැති කරයි, බඩ ගින්න ඇති කරයි, ගත් ආහාරය
කරාබු ශාකයේ ඖෂධ ගුණ පිළිබද කතාකරනවිට ජීර්ණ පද්ධතිය ආශ්රිත රෝග සුවකරන්න මෙය විශාල ලෙස යොදාගන්නවා.
කුරුඳු, කටු රස සහිත පැණි (මධුර) මිශ්‍ර රසකින් සමන්විතයි. බොහෝවිට මනුෂයාගේ එදිනෙදා වැඩ කටයුතුවලදී කුරුඳු වර්ග අවශ්‍ය ලෙස සකසා ප්‍රයෝජනයට ගැනීම අතීතයේ සිට පැවතුණ බව අපට හඳුනාගන්නට හැකි වී ඇත.
වර්ෂ 5000ක බුද්ධ උප්පත්තියටත් පෙර අතීතයෙන් වර්මාථනය දක්වාම ඖෂධයක් ලෙසත්, කුළු බඩුවක් ලෙසත් ඖෂධ ගුණයෙන් ඉහළ කොත්තමල්ලි
කොලෙස්ටර්රෝල් නම් ඔබට කරපිංචා දිව්‍ය ඖෂධයකි. එය ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි. හෘද රෝග වළක්වා ගැනීමේ
රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කොට හෘදයේ ධමනි තුල මේදය තැන්පත් වීම අවම කර හරින දිව්‍යමය ගුණ මෙහි අඩංගු වේ.
සුදුළූණුවල විටමින් A හා B1, B2, B3, B5, B6, C හා විටමින් E අඩංගය. ඒ වගේම කැල්සියම් කොපර්,
බොහෝ රෝග සඳහා ඖෂධයක් ලෙස ඉඟුරු යොදා ගන්නවා. පිළිකා නැසීමේ ගුණයක් ඉඟුරුවල තියෙනවා.
රණවරා වල ඇති ඖෂධිය ගුණයන්ට සිරුර සිසිල් කිරීමේ හැකියාව සහ විඩාබර බව දුරු කිරීමට හැකියාව පවතිනවා.
නෙල්ලි ප්‍රමාණයෙන් පුංචි පළතුරක් වුණත්, එහි ඖෂධීය සහ පෝෂණීය ගුණ රැසක් තිබෙනවා. නෙල්ලි වලින් රෝගාබාධ රැසක් සුව කරන්න පුළුවන් වගේම,
කොහොඹ ශාකයේ පවතින ‘ජෙඩුනීන්’ නැමැති රසායනික සංයෝගය පිළිකා පියවි සෛල (Cancer Stem Cells) විනාශ කරන බව ලොව ප්‍රථම වතාවට
වසාවාසි සාදික්කා මදය ආවරණයවන කවචය වටා ආවරණයක් සේ පවතී.මේවා පැහැයෙන් රතු පැහැතිය.මෙම වසාවාසිද කුළුබඩුවක් ලෙස ආහාර රසවත්කරගැනීමට යොදාගත හැකිය.
ඉරමුසු සූදුරු එක්කර තම්බා මඳ රස්නයෙන් පානය කිරීම ශරීරයේ උෂ්ණාධික බව ( විශේෂයන් කාන්තාවන්ගේ ශරීරයන්හි උෂ්ණාධික බව නිසා දරු උපත් හීන වීම සිදුවේ )
බුළු ඖෂධය මගින් ශරීරයේ ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රාණවත් කරයි. ඇස්, කන්, නාස යන ඉන්ද්රියයන්ගේ පවතින දුබලතා නැති කරයි. මුඛයේ දත් මුල් දියවීම මගහරවා විදුරු මස් ශක්තිමත් කරයි.
ශ්‍රි ලංකාවේ බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශ වල ඉතා සුලබ එසේම ඖෂධීය වටිනාකමෙන් අනූන වු අන් කිසිදු ඖෂධීය ශාකයකට දෙවැනි නොවනා ඖෂධීය
ආයුර්වේදයට අනුව මධුර රස මිදී ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩියෙන් ඇත. ඇස් වලට හිතකරයි. ශරීරයේ ශක්තිය වැඩිකරයි.කාලින රෝග සඳහා යෝග්‍යයි.පිළිකා නාශක. ගුණය ඇත. හෘද හිතකරයි.
ඉඟුරු පියලි වා, පිත් සේම සහනයට ඉතා යෝග්‍යය. ඉදිමුම අඩු කිරීමට මහෝපකාරී වේ.
සුදුරු අපේ එදිනෙදා ජිවිත්යට එකතු කර ගන්න පුලුවන් නම් ගොඩක් වෑදගත්. විශේෂ්යෙන්ම අපේ උදරයේ ඈති රොගාබද සුව කිරිමට මෙම සුදුරු ගොඩක් වෑදගත් වෙනවා.
සාහිත්‍යයේ සඳහන් වෙන ලෙස. ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් ගිලුහුණු විෂ්ණුගේ උයනෙහි රෝපණයවූ අගනා ඖෂධයකි.
ඉතාම රස සහ ගුන තල් සූකිරි අති විශේෂ ආහාරයකි. ඉපැරණි පුස්කොල පොත්වල පවා හෙල වෙදකමට අදාල බෙහෙත් වට්ටෝරු සදහා තල් සූකිරි යොදාගෙන ඇත.
දිනපතා මී පැණි හැන්දක් පාරිබෝජනය කළොතින් ලැබෙන විශ්මිත සෞඛ්‍ය වාසි 8ක්
සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ කරමු. මේ අරමුණ ඉටු කර ගැනීම සදහා බොහෝ දෙනෙක් දිනපතා ව්‍යායාම් කිරීමට පුරුදුව සිටියි. ව්‍යායාම් මගින් අස්ථි ශක්තිමත් වන අතර හදවත සෞඛ්‍ය යහපත් අගයක පවත්වා ගනී. පලතුරු හා එළවළු ආහාරයට ගැනීමෙන් ශරීරයේ පෝෂ්‍ය පදාර්ථ සෑදීමට අවශ්‍ය විටමින් සහ ඛනිජ වර්ග ඔබට ලබා දෙනු ඇත. නමුත් දිනපතා මී පැණි අනුභව කිරීම මගින් යහපත් සෞඛ්‍යක් පවත්වා ගැනීමට හැකි බව ඔබ අසා තිබේද ? ඇත්තෙන්ම මී පැණි මගින් එතරම් ආශ්චර්යක් සිදු කල හැකිද? පර්යේෂණවලින් පෙනී යන්නේ එය කළ හැකි බවයි!
මී පැණි , මී මැස්සන්ගෙන් හා ඒ හා සම්බන්ධිත තවත් කෘමීන්ගේ උදව්වෙන් නිෂ්පාධනය වේ. ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලින් , මී පැණි මත වර්ධනය නොවන නිසා නරක් වීමකින් තොරව දිගු කාලයක් ගබඩා කර තබා ගත හැක.
ඔබේ සම පිරිසිදුව තබයි
ඔබ දැනටමත් ඔබේ සම රැක ගැනීමට උනන්දුවක් නොමැති කෙනෙක් නම් ප්‍රථමයෙන්ම ඒ සදහා අවධානය යොමු කල යුතුයි. සම යනු ඔබේ බාහිර රුපය ලස්සනට පවත්වා ගැනීමට හා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ආරක්ෂාව පවත්වා ගැනීමට අතවශ්‍ය වන දෙයක් වන අතර එය පිරිසිදුව හා නිරෝගිව තබා ගැනීම ඉතාම වැදගත් වේ. ඔබට සෞඛ්‍ය සම්පන්න සමක් අවශ්‍ය නම් දිනපතා මී පැණි පරිභෝජනය කිරීමට පුරුදු වන්න. මී පැණි සතු වන ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් ඔබේ ශරීරයේ විෂ සහිත ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරි වනු ඇත. ඔබේ සම පිරිසිදුව තබා ගැනීමට මී පැණි සතු ප්රතිබැක්ටිරියා ගුණ හේතු වනු ඇත.
අතිරික්ත ශරීර බර අඩු කරයි
ඔබ ඔබේ වෛද්‍යවරයා වෙත ගොස් බර අඩු කර ගැනීමට අවශ්‍ය බව පැවසුවොත් ඔවුන් ඔබේ ආහාර වෙලේ සීනි කපා හරිනු ඇත. නමුත් සිනි වෙනුවට ආදේශකයක් ලෙස මධ්‍යස්ථ මට්ටමින් මීපැණි භාවිතා කිරීමට ඔබට පුළුවන්. මී පැණි මගින් ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කර ඔබේ බර අඩු කිරීමේ ඉලක්කය කරා පහසුවෙන් යාමට උපකාරි වනු ඇත.
කොලෙස්ටරෝල් අඩු කරයි
මී පැණි භාවිතා කිරීම මගින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය සියයට 8 කින් අඩු කර ගත හැක.
ඔබේ හදවත ශක්තිමත් කරයි
මී පැණි ආහාරයට ගැනීමෙන් රුධිර ධමනි පටු වීමෙන් වළක්වා ගත හැකි බව පර්යේෂණය මගින් හෙළි වී තිබෙනවා . ධමනි පටු වීම මගින් බොහෝ ලෙඩ රෝග ඇති විය හැක. එලෙස පටු වන ධමනියේ ස්භාවය අනුව හදවත අක්‍රිය වීම , හිසේ කැක්කුම, සහ සෙමින් සෙමින් ඔබේ මතක ශක්තිය අහිමි වීම වැනි රෝග තත්ව ඇති විය හැක. දිනපතා මී පැණි පාරිබෝජනය කිරීම මගින් මේ තත්වයන් අවම කර ගත හැකියි.
වඩා හොඳ මතකයක් ලබා දෙයි
මී පැණි පරිභෝජනය හා වඩා හොඳ මතකයක් ලැබීම අතර සම්බන්ධයක් පවතී. මී පැණි තුල ඇති කැල්සියම් මොළයට පහසුවෙන් උකහා ගන්නා නිසා මතක ශක්තිය වර්ධනය වේ.
හොද නින්දක් ලැබෙයි
නින්දට යාමට පෙර මී පැණි පාරිබෝජනය කළොතින් ඔබට පුංචි දරුවෙකු මෙන් නිදා ගැනීමට හැකියි. මී පැණි තුල ඇති සීනි, අපගේ ඉන්සියුලින් මට්ටම් තරමක් වැඩි කරන අතර එමගින් triptophhan නැමති සංයෝගයට වඩා පහසුවෙන් මොළයට ඇතුළු වීමට ඉඩ ලබා දෙයි. triptophhan යනු අපට ස්වාභාවිකව නිදීමත ඇති කරවන ශරීරය තුල සෑදෙන සංයෝගයයි.
නිරෝගී උදරයක් පවත්වා ගත හැකියි
ඔබ නිරන්තරයෙන් බඩ පුරවා දැමීම හා ආහාර නිසි ලෙස නොදිරවීමෙන් (අජීර්ණය) පීඩා විඳිනවා නම් මී පැණි එයට කදිම බෙහෙතකි.මී පැණි සතු විෂබීජ නාශක ගුණාංග මගින් ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කර උදරය තුල වායුව උදාසීන කිරීමද සිදු කරයි. මෙමගින් ඔබට වඩා සැහැල්ලුවක් දැනෙනු ඇත.
මානසික ගැටළු විසදා ගැනීමට
ශරීරයේ ඇති නියුරෝන නිසි පරිදි ක්‍රියා කිරීම සඳහා ග්ලූකෝස් අවශ්‍ය වේ. මී පැණි වල ඇති ග්ලූකෝස් අපගේ ලේ සැපයුමට පහසුවෙන්ම අවශෝෂණය වන නිසා ඇතැම් මානසික ආබාධ ලිහිල් කිරීමට හා මගහැරවීමට උපකාර වේ.
සියක් බල ලෙසින් පචලිත සියක් රෝග නසන "සියඹලා" කොලෙස්ටරෝල් පාලනයට, පිළිකා මර්ධනයට, සෙම පාලනයට, පිරිමින්ගේ ශුක්‍ර වර්ධනයට හා ශක්තිමත් ක්‍රියා කාරිත්වයට ප්‍රබල සේවාවක් සපයයි.
කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද වර්ගයකි. අප ගන්නා ආහාර මගින් මෙන්ම අපගේ සිරර තුළද කොලෙස්ටරෝල් නිෂ්පාදනය වේ. එහෙත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට ඒවා රුධිර නාලවල තැන්පත් වේ. එවිට රුධිර නාල සිහින් වෙයි. එසේ සිහින් වූ රුධිර නාල මගින් ශරීරයේ අවයවවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. සිහින් වූ රුධිර නාලයක ලේ කැටියක් තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටින්නට පුළුවන.
හෘදයට රුධිරය සැපයෙන නාලයක ඒ ආකාරයෙන් සිදුවූ විට හෘදයාබාධයක් ඇති වේ. මෙසේ මොළයට රුධිරය සපයන නාලයක් තුළ රුධිර කැටියක් සිර වුවහොත් මොළයට රුධිර සැපයුම අඩාල වීමෙන් අංශභාගය හෙවත් ආඝාතය ඇතිවේ. පාදයකට රුධිර සපයන නාලයක එවැනි අවහිර වීමක් සිදු වුවහොත් පාදයේ සුව නොවන තුවාල ඇති වී ඇතැම් විට කකුල කපා දැමීමට පවා සිදුවේ.
එනම් එච්.ඩී.එල් (HDL), එල්.ඩී.එල් (LDL), වී.එල්.ඩී.එල්. (VLDL) සහ ට්රයිග්ලිසරොයිඩ වේ. මේ අතරින් එච්.ඩී.එල් යනු ශරීරයට හිතකර ලිපිඩ වර්ගයකි. එල්.ඩී.එල්, වී.එල්.ඩී.එල් සහ ට්රයිග්ලිසරොයිඩ වැනි ලිපිඩ වැඩි වී ඒවා රුධිර නාලවල තැන්පත් වීමෙන් රුධිර නාල සිහින් වී හදිසි හෘදයාබාධ, ආඝාත වැනි රෝග තත්ත්ව ඇති විය හැකිය.
මෙතරම් භයානක තත්වයට පත් විය හැකි කොලොස්ටරෝල් රෝගය සියඹලා මගින් සුව කර ගත හැකි බව ආයුර්වේදයේ සදහන් වෙනවා. සියඹලා මදයේ උපරිම ප්‍රතිඵලය මෙය පලතුරක් මෙන් කුළුබඩු ගණයටද ගන්න පුළුවන්. කිරි හොද්දට – මිරිස් හොද්දට – මස් හොද්දට අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ මිහිරි ගුණයෙන් යුක්ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක් වශයෙන් සියඹලා හඳුන්වාලිය හැකියි.
භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම – බඩේ වාතය හිරවී කපන්නාක් මෙන් වේදනාව, මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ බුරුල් කර මළපහ කිරීමට අවස්ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම රුචිය ඇති කරයි.
කෙලෙස්ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවක්. වසවිසෙන් තොර ස්වාභාවික සියඹලා කරල්, සියඹලා මදවලින් වර්තමානයේ වෙළෙඳපොළේ සියඹලා බීමද නිෂ්පාදනය වී දකින්න ලැබෙනවා.
සියඹලා යුෂ බඳුනක් පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම, තෙල් ඉවත් කිරීමට මහගුණ ගුණ දෙන සාධකයක් ලෙස හදුන්වන්න පුළුවන්. ආමාශය සහ බඩවැල් පිරිසිදු කර (බඩට) උදරයට සැහැල්ලු බවක් ලබා දෙන බවත් සදහන් කළ යුතුයි.
විටමින් ඩී පදාර්ථයෙන් යුක්ත අතර වා, සෙම්, පිත් නසයි, විරේක ගුණදෙයි. එසේම බෙලි මල් යනු ඖෂධීය ගුණ ඇති පානයකි. බෙලිමල් පානයෙන් බඩ බුරුල්වී යාම හා වමනය වළකී ( විරේක ගුණ දුන්නත් අජිරණයකදී සිදුවන දියරව මල පහවීම වලකා ඇලෙන සුළු කැටි ගතියක් ඇතිකරමින් බඩ බුරුල්වී යාම හා වමනය වළකී ). බිමට ගිලිහී වැටෙන බෙලි මල් තැම්බූ වතුර පිපාසය හා දාහය නිවන විඩාව සංසිඳුවන පානයකි.
ඉමිහිරි සුවඳැති බෙලි මල්, වේලාතම්බා පානය කිරීමට අමතරව තැවීමටද ගතහැක. බෙලි මල් තැම්බූ වතුර කිතුල් හකුරු කැබැල්ලක් සමඟ පානය කිරීමට හැකිය.රුව වඩවන බෙලි මල් බොහෝ අයගේ ප්‍රියතම පානයකි. බෙලි කටු වේලා මල් නැති සමයේ තම්බා බෙලි මල් වෙනුවට අපේ පැරැණ්නෝ පානය කළ බැව සඳහන්වේ. වර්තමානයේ බෙලිකටු වියළා තම්බා ජලය පානය කරයි.
ශරීරය සිසිල් කරන පානයක් හෙයින් නිතරම බෙලිමල් පානය කිරීමෙන් ශරීර සුවය මෙන්ම අලංකාර රුවක් ද උරුමකර දෙනු ඇත. දහදිය ගද, අධික වෙහෙස නිවා සිරුර ප්‍රාණවත් කරයි, පිත පාලනය වන නිසා අම්ල පිත්ත නොහොත් ගෑස්ට්‍රයිටීස් රෝග නිවාරයට කදිමයි.
පුරණයේ සිට අපේ ආහාර රසවත් කළ ප්‍රධානතම කුළුබඩුව වෙයි. කුළුබඩු ලොව රජු ලෙස ගම්මිරිස් ජන ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ඒ නිසාවෙනි. ආහාර රසවත් කිරීමට අමතර ව ඖෂධයක් ලෙසත් ගම්මිරිස් වැදගත් වේ. ගම්මිරිස් ප්‍රභේද ගණනාවක් වගාව සඳහා යොදාගනු ලබන අතර, වන දර්ශ ද රැසක් පවතී. ඒ අතර දේශීය ගම්මිරිස් වරණයන් ඉතා උසස් බව මූලික පිළිගැනීමයි.
දේශීය වෛද්‍ය ක්රමයෙහි ගම්මිරිස්වල ගුණ පිළිබඳව විස්තර කරන්නේ මෙසේ ය. 'ගම්මිරිස් කටුක හා තීක්ෂණතාවයෙන් අධිකය, හෘදයට හා උගුරේ සෙම් රෝගවලට හිතකර ය, මේදය දවාලයි, වාතය නසයි'. දුරාතීතයේ සිට පාරම්පරික හා ආයුර්වේද ක්‍රම යටතේත් ගැමි අත්බෙහෙත් වට්ටෝරු යටතේත් ගම්මිරිස් භාවිත විය. ගම්මිරිස්, ආහාර රසවත් කිරීමට නිරතුරු ව භාවිත වන්නකි. විශේෂයෙන් මස් හා මාළු පිසීමේ දී ගම්මිරිස් 'පදම් කිරීමේ' මෙවලමක් ලෙස භාවිත කෙරෙයි. කෙටි ආහාර සැකසීමේ දී, සලාද වර්ග සැකසීමේ දී ගම්මිරිස් නැති ව ම බැරි දෙයකි ආහාර වර්ග කල් තබාගැනීමේ දී ද ගම්මිරිස් වැදගත් කාර්යයක් ඉටු කරයි. මී පැණි බඳුනකට ගම්මිරිස් ඇට කිහිපයක් දමන්නේ එබැවිනි. ඇඹුල්තියල් සැකසීමේ දී ගම්මිරිස්වල කාර්යභාරය, සැර ගතිය ලබා දීමට අමතර ව කල් පැවැත්ම තහවුරු කිරීම ය.
ශ්‍රී ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේට වැලඳුන රෝගාබාධයකට සුළු ගුළු උපාසක තැන විසින් සකසා දෙන කැඳ සඳහා ද කළුදුරු ඇතුළත්ව තිබි ඇත. අතීතයේ පැවැති සුළු ගුළු යාතුවට ඉඟුරු, ගම්මිරිස්, කළුදුරු, සුදුදුරු, දේවදාර, අසමෝදගම්, වියළි කහ, සුදු ලූනු, උළුහාල්, සහිඳලුණු ආදිය ඇතුළත්ව තිබේ. මලියදේව මහ රහතන් වහන්සේට ප්‍රතිකාර කර ඇත්තේ උපාසක තැනකි. ඔහු වෛද්‍යවරයකු ලෙස දක්වා නැත. මෙයින් පෙනී යනුයේ එකල සාමාන්‍ය ජනතාව අතර ද කළුදුරු භාවිත වූ බවයි.
වර්තමානයේ අපට වැලඳෙන රෝගාබාධ රාශියකට ප්‍රතිකාර වශයෙන් කළුදුරු යොදාගත හැකි බව සනාථ වී තිබේ. වා, සෙම් රෝගවලට අදාළ අපගේ වෛද්‍ය ප්‍රතිකාරවල දී කළුදුරු භාවිත කෙරෙයි. සෙම් රෝගවලට දෙන කෂායට ද බොහෝ විට කළුදුරු භාවිත කරයි.
විශේෂයෙන් පිළිකා වර්ධනය අවම කිරීමට කළුදුරුවලට හැකියාව ඇත. මේ නිසාම පිළිකා රෝගීන් විෂයයෙහි වෛද්‍යවරු කළුදුරු ආශ්රිත ඖෂධ භාවිත කරති. තවද මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ අක්මාවේ මේදය තැන්පත් කිරීම අවම කිරීමයි. වර්තමානයේ ලොකු කුඩා බොහෝ දෙනකුට ඇති තවත් එක් ප්‍රධාන රෝගයක් වනුයේ අක්මාවේ මේදය තැන්පත් වීමයි. මත්පැන් හා වෙනත් සැර ඖෂධ භාවිතය හේතුවෙන් අක්මාවට වන හානිය අවම කිරීමට ද කළුදුරුවලට හැකියාව ඇත. දුර්වල වී ඇති අක්මාව ක්‍රියාකාරිත්වයෙන් දියුණු කිරීමට එය සමත් වේ.
වර්තමානයේ තවත් බහුල ලෙස පැතිරුණු රෝග තත්ත්වයක් වනුයේ මධුමේහයයි. කළුදුරු මධුමේහ රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ඉතාමත් යහපත් ඖෂධයක් ද වේ. හෘදයේ ක්‍රියාකාරිත්වය යහපත් කිරීමට ද අධිරුධිර පීඩනය පාලනය කිරීමට ද එය යහපත් ය. රුධිරගත මේදය පාලනය කිරීමට ඊට හැකියාව ඇත. තවද තරබාරු අයට විශේෂයෙන් ගුණ දෙන ඖෂධ ද කළුදුරු ඇසුරින් සැකසේ.
ප්රතික්ෂුද්රජීවීකාරක, ප්‍රතිඔක්සිකාරක, දැවිල්ල ඇති නොකරන ගුණය. ආසාදනයන් වර්ධනය වීම වැළැක්වීමේ ගුණය ආදිය තුවාල සුව කිරීමට අදාළ ප්‍රධාන ගුණයන්ය. මෙම ගුණ සියල්ල කළුදුරු තෙල්වල අන්තර්ගත වේ.
සැහැල්ලුයි, කටුක රසයි, රළුයි, උෂ්ණයි, සෙම් පිත් නැති කරයි, බඩ ගින්න ඇති කරයි, ගත් ආහාරය හොඳින් පැසවීම සිදු කරයි, මුඛය පිරිසිදු කරයි, දුර්ගන්ධය නසයි, වමනය නැති කරයි, මුත්‍රා ඇති කරයි, කැසීම නැති කරයි, මළ හොඳින් පිට කරයි, ඇදුම, පිපාසය, මුව කෙල ඉනීම, විස, හිසේ රෝග නසයි.
සැඵරන්, වැනිලා මෙන්ම ලෝකයේ ඇති මිල කල නොහැකි වටිනාකමකින් යුතු කුළු බඩු වර්ගයක් ලෙස එනසාල් ද සැලකේ. එනසාල් ඉන්දියාවේ සදාහරිත වනාන්තර වල බහුලව දකින්නට ඇත. ශතවර්ෂ ගණනාවක සිටම ප්‍රතිකාර සදහා එනසාල් භාවිතා කොට ඇත. ආහාර ජිර්ණයේ අපහසුතා,පිළිකා පමණක් නොව කාංසා තත්වයන් සදහාද එනසාල් ඖෂධයක් ලෙස භාවිතා කොට ඇත. නවතම අධ්‍යන වලින් හෙළි වී ඇති එනසාල් වල ඇති අසමසම ඖෂධිය ගුණ කිහිපයක් පහත සදහන් වේ.
01. ඇදුම සදහා ඇති ස්වභාවික ඖෂධයකි.
ආයුර්වේදයේ ඇදුම සදහා භාවිතා කරන ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස එනසාල් සැලකේ. නවතම අධ්‍යන වලට අනුව එනසාල් වල ඇති පෝෂණ ද්‍රව්‍ය මගින් ස්වසනය පහසු කරවන බව තහවුරු කොට ඇත.
02. මුඛයේ දුගද නැති කරවයි.
මුඛයේ දුගද නැති කිරීම සදහා ප්‍රයෝජනවත් වන කුළු බඩු වර්ගයක් ලෙස එනසාල් සැලකේ. දිනපතා එනසාල් ඇට කිහිපයක් සපිමෙන් මෙම තත්වය පහසුවෙන් සමනය කරගැනීමේ හැකියාව ඇත. එමෙන්ම මුඛයේ ඇති බැක්ටීරියා මර්ධනය කර ඔබගේ මුඛයට නැවුම් බවක් ලබා දීමේ හැකියාවක් එනසාල් වලට ඇත.
03. පිළිකා ඇති වීම පාලනය කරයි.
04. හෘද සෞඛ්‍යය වර්ධනය කරවයි.
ඉන්දියාවේ ආයුර්වේදයේ එන පරිදි එනසාල් යනු රුධිර පීඩනය අවම කරවන ඉතා ඉහල ඖෂධිය ගුණයකින් යුතු කුළු බදු වර්ගයකි. දේහයේ ලිපිඩ ගණත්වය අඩු කර කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හෘදයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම එනසාල් මගින් සිදුවේ.
05. රුධිරගත සීනි මට්ටම අඩු කරවයි.
දියවැඩියාව රෝගයට සහ අධි රුධිර පිඩනයට ඉතා හොද ඖෂධයක් ලෙස එනසාල් සැලකේ. එනසාල් වල මැග්නීසියම් බහුලව අඩංගු වන අතර ඒවා මගින් දේහයේ ග්ලුකෝස් මට්ටම අඩු කිරීම සිදු කරයි.
06. කමෝද්දීපනය වඩවයි.
ලිංගික අප්‍රාණිකත්වය හා බෙලහීනත්වය මග හැර ජවසම්පන්න තරුණ බවක් ගෙනදේ.
කරාබු ශාකයේ ඖෂධ ගුණ පිළිබද කතාකරනවිට ජීර්ණ පද්ධතිය ආශ්රිත රෝග සුවකරන්න මෙය විශාල ලෙස යොදාගන්නවා.මලපහ බුරුලින් යාම, අජීරණය, බඩේ වාතය පිරීම, වමනය යෑම වැනි රෝග වලදී ඒවා සුව කිරීමට මේ ඖෂධය ඉතා ගුණදායකයි.එවන් රෝග අවස්ථාවලදී කරාබුනැටි දෙකක් කටේ දමා හපා විටින් විට කෙළ ගිලීමෙන් ඒ සදහන් කළ සෑම රෝගයකටම සුවය ලබාගැනීමට හැකියාව ඇත.විශේෂයෙන් වමනය යන අයෙක්ට මේ ඖෂධය දීමෙන් එය වළක්වාගන්න හැකිය.
ඇතැම් අයට රථවාහන වල දුර ගමන් යනවිට වමනය යෑම සාමන්යයි.එවන් අවස්ථාවකදී කරාබුනැටි ගෙනයෑම ඉතා සුදුසුයි.ඒ වාගේම කුඩා දරුවන්ටත් විවිධ අජීරණ තත්ව නිසා වමනය යනවිට මෙය ලබාදීම සුදුසුයි.කරාබු කියන්නේ හොද වේදනා නාශකයක්.මුඛය ආශ්රිත වේදනා වලටත් මේ ඖෂධය ඉතාමත් ගුණදායකයි.දත් කැක්කුම්, සෙම්ගෙඩි, දත් පණුවොකෑම් වැනි වේදනා ගෙනදෙන මුඛාශ්‍රිත රෝග වලට කරාබුනැටි කීපයක් තළා ඒ යුෂ දතේ හෝ මුඛයේ වේදනා සහිත ස්ථානයේ විටින් විට තවරන්න. දින කීපයක් මෙය සිදුකළොත් ඉක්මන් සුවයක් අත්වේවි. ඒ වගේම මුඛයේ විෂබීජ නාශනය කරන්නත් මුඛ දුර්ගන්ධය නැතිකරන්නත් මෙය හොද ඖෂධයකි.
බොහෝමයක් දන්තාලේප සෑදීමට කරාබුනැටි බහුලව යොදාගනී.එයට හේතුව එහි ඇති විෂබීජ නැසීමේ ගුණය සහ මුඛය සුගන්ධවත් කිරීමේ හැකියාවයි. ඒ විතරක් නොවේ අහාර රසවත් කිරීමට, විවිධ බීම වර්ග රසවත් කිරීමට, කැවිලිවර්ග රසවත් කිරීමටත් කරාබුනැටි භාවිතා කළහැක.කරාබුනැටිවල පවතින සුගන්ධවත් රසායනික තෛලය නිසාම විවිධ සබන් වර්ග, සුවද විළවුන් පමණක් නොව දුම්වැටි පවා රසවත් කිරීමට මෙම තෛලය භාවිතා වේ.කරාබුනැට්වල ඇති "ඉයුජිනෝල්" නැමැති තෛලය නිසා තමයි මෙහි ඖෂධීය ගුණය තව තවත් වැඩිවීමට හේතුවී තිබෙන්නේ.
මෙම ඖෂධයේ ඇති විෂ නැසීමේ ගුණය නිසාම ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ආසාදන සුව කරන්න මෙය අගනා ඖෂධයක්. කෑමේදී එන්සයිම අවම වීමෙන් හටගන්නා අතීසාර තත්වයන් මගහරවන්නත් මෙය ඉතාමත් යෝග්‍ය ඖෂධයකි. ඔබ සුව නොවන අතීසාර රෝගී තත්වයෙන් පසුවන රෝගියෙකුනම් , ඒ නිසා විවිධ අවස්ථාවල ඔබ අපහසුතාවලට පත්වෙනවානම්, එය සුවකරගන්න සුදුසු ඖෂධයක් කරාබුනැටි අනුසාරයෙන් සාදාගන්න හැටි අප ඔබට කීමට කැමැත්තෙමු. කරාබුනැටි, කුරුදු, සූදුරු සහ කලාදුරු අල සමව ගෙන හොදින් වියළාගෙන කුඩුකරගන්න.ඉන්පසු දිනකට තේ හැන්දක ප්‍රමාණය බැගින් මී පැණිත් සමග දිනපතා බීවොත් ඔබට අතීසාර රෝග තත්වයෙන් මිදෙන්න ඔබට පුළුවන්. ඒ වගේම ආහාර අජීර්ණයටත් මේ ඖෂධය ඉතා සුදුසුයි. ලොකු කුඩා සෑම අයෙක්ටම පීඩා ගෙනදෙන තවත් රෝගයක් තමයි පණු අමාරුව. ඔබ ගෘහණියක්නම් සතියකට වරක්වත් කරාබුනැටි තැම්බූ ඖෂධීය කසාය ඔබේ පවුලේ සමාජිකයන්ට බීමට දෙන්නේනම් පණු අමාරුව රෝගය ඔබේ සමාජිජයන් අතරට එන්නේ නැහැ. වියළි කරාබුනැටි යම් ප්‍රමාණයක් හොදින් කුඩුකර වාතය නොයන ලෙස බොතල්කර දිනපතා ආහාර පිසීමේදී යම් ප්‍රමාණයක් කරාබුනැටි කුඩු වෑංජනවලට එක් කරනවනම් වෑංජනය ඉතා රසවත් වෙනවා. ඒ වගේම රෝග රැසක් නොදැනුවත්වම සුව වෙනවා. මෙහිදී එකක් මතක තබාගත් යුතුයි. වෑංජනය ලිපේ තැම්බෙනවිට එයට කරාබුනැටි කුඩු එක්කරන්න එපා. එහෙම උනොත් එහි ඇති රසය මෙන්ම සුවද සහ ගුණයත් නැති වෙනවා. ඒ නිසා වෑංජනය ලිපෙ බෑවාට පසු කරාබුනැටි කුඩු ස්වල්පයක් එක් කිරීම වැදගත්. මස් මාළු වගේ අහාර පිසීමේදී මේ කුඩු ස්වල්පයක් එයට එක්කළොත් ඉතාමත් සුගන්ධවත්බවක් සහ රසවත්බවක් එක්වෙනවා. කරාබුනැටි ඖෂධ ලෙස ගැනීමේදී ගැස්ට්‍රයිටීස්, උදරයේ තුවාල ඇති අයට භාවිතා කිරීම නුසුදුසුයි. එයට හේතුව තමයි කරාබු ශාකයේ යම් තීක්ශණ ගුණයක් තිබෙන නිසා එවන් රෝගීන් මෙය ගත්තොත් බඩ දැවිල්ල තත්වය ඇතිවීමේ ඉඩකඩ වැඩි වේ.
නිතර නිතර කැස්ස ඇති අයට, සෙම්ප්‍රතිශ්‍යාව, සෙම ගතිය හා ඇදුම වැනි රෝග ඇති අයටත් කරාබුනැටි ඉතාමත් ගුණදායක ඖෂධයක්. එවන් රෝග පීඩාවලින් අසහනයට පත් අය ඉන්නවනම් දිනපතා උදේ හවස පානය කරන තේ වීදුරුවට කරාබුනැටි දෙකක් පමණකොටා, දමා පානය කරනවනම් පෙර කී සෑම රෝගයකටම එමගින් සුවය අත් වෙනවා. ඒ වගේම අධික ලෙස සෙම් සහිතබව නිසා උගුරේ වේදනා හටගැනීමේ අවදානමක්ද පවතිනවා. එවන් අවස්ථාවකදී කරාබුනැටි කීපයක් උණු වතුර කෝප්පයකට තළා දමා මද වේලාවක් නිවෙන්නට තබා එමගින් උගුර සෝදා පානය කළොත්
දින කීපයක් යද්දි ඔබට සෙම් රෝග, උගුර වේදනා නැතිවේවි. අතීතයේ මැසි මදුරුවන් පළවා හරින්නත් කරාබුනැටි සහ පත්‍ර යොදාගෙන නිවෙස්වල දුම් අල්ලා තිබෙනවා. ඔබත් කරාබුනැටි පත්‍ර වියළාගෙන කුඩුකර ඒ කුඩු ගිනි කබලකට දමා නිවසේ දුම් ඇල්ලීම සිදුකරනවනම් කෘතීම නිෂ්පාදනවලට වඩා මදුරුවන්ගේ උවදුරට එමගින් විසදුමක් ලබාගන්නත් පුළුවන්.
ඒ වගේම කරාබුනැටි කියන්නේ හොද නිද්‍රාකාරක ඖෂධයක් සමහර පුද්ගලයන් රාත්රියේදී කොතෙක් නිදාගැනීමට උත්සහ කරත් නින්ද එන්නේ නැහැ. එයත් එක්තරා රෝග තත්වයක්. එවන් නින්ද නොයන පුද්ගලයන් නිදාගැනීමට පෙර කරාබුනැටි දෙකක් පමණ තළා දැමූ තේ එකක් බීලා නින්දට යනවනම් ඉක්මනින්ම නින්ද පැමිණෙනවා. මොකද මේ ඖෂධය තුළ නිද්‍රාකාරී ගුණයක් පවතී. මෙතෙක්වේලා අපි කතාකළේ කරාබුන ශාකයේ ඇති ශාකසාර ඖෂධීය ගුණය ගැනයි. නමුත් කරාබුනැටි තෙල් කියන්නෙත් දේශීය වෙදකමේ රෝග රැසකටම සුවය සළසන අද්විතීය ඖෂධයක්. කරාබුනැටි වලින් භාගික ආසවන කරලා උෂ්ණත්වය ලබාදීමෙන් කරාබුනැටිවල වාෂ්පශීලී තෛලය ඝනීභවනය කරලයි කරාබුනැටි තෙල් සාදන්නේ. එය නිවසේ සිට සාදන්න අමාරුයි. යන්ත්‍රයක් මගිනුයි කළ යුත්තේ. මේ ආකාරයට වාෂ්පශීලීව ලබාගන්නා කරාබුනැටි තෛලය සුදුපාට ඖෂධීය දියරයකි. මෙම තෛලය ශරීරයේ හටගත් ඉන්නන් මතුපිට දිනපතා මතුපිට ආලේප කළොත් කෙටි කලකින් ඉන්නන් ඉවත් කරගන ඔබට පුළුවන්. කරාබුනැටි තෙල්, සන්ලයිට් සබන් ස්වල්පයක් සමග දිනපතා ඉන්නන් මතුපිට ආලේප කර දින කීපයකින් එහි වෙනස ඔබට අත්විදින්න පුළුවන්.ඒ වගේම මම පෙර සදහන් කල දන්ත වේදනාව, විදුරුමස් දියවීම, සෙම්ගෙඩි හටගැනීම ආදී මුඛාශ්‍රිත වේදනාවලදී අදාළ ස්ථානයේ කරාබුනැටි තෙල් ස්වල්පයක් දින කීපයක් ආලේප කරනවනම් ඉක්මන් සුවයක් ලබාගන්නත් පුළුවන්. හිසේ කැක්කුම, නාසයෙන් සොටු දියර ගැළීම වැනි රෝග අවස්ථාවලදී කරාබුනැටි තෙල් ස්වල්පයක් ගෙන හිසේ ආලේප කලොත් එහෙමත් නැතිනම් කපු පුළුන් කැබැල්ලක තෙල් තවරා සුවද ආග්‍රාණය කලොත් ඉක්මනින්ම ඒ රෝග පීඩාවන්ගෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම විවිධ හන්දි ආශ්රිත වේදනා නිසා කාන්තා පුරුෂ දෙපාර්ශවයේම බිහෝ දෙනෙකු අද පීඩාවට පත්වී තිබෙනවා. එවන් අය කරාබුනැටි සහ කුරුදු පොතු සමව අරගෙන හොදින් අඹරා වේදනා සහිත සන්ධිවල හොදින් ආලේප කරොත් එහි සුවය ඔබට අත් විදින්නට හැකිවේවි.
ඒ වගේම කුඩා වැඩිහිටි ඕනෑම අයෙකු වැටීම්, තැළීම් නිසා හටගන්නා ඉදිමුම් හා වේදනා නැති කරන්නත් කරාබුනැටි තෛලය ඉතාම සුදුසු ඖෂධයක්. කරාබුනැටි තෙල්, ශූලහර තෙල්, පිණ්ඩ තෙල්, ඔලිව් තෙල් යන තෙල් වර්ග සමව ගෙන මිශ්‍රකර ඉදිමුම් සහ වේදනා ගෙනදෙන ස්ථානවල ආලේප කළොත් කීපවිටක් ඔබට එයින් සුවයක් අත්විදින්නට හැකි වේ. අතීතයේ සිටම විවිධ තෙල් වර්ග ශරීරයේ ආලේපකර සම්භාහනය කිරීම් සිදුකළ බවට පැරණි ආයුර්වේද පොත්පත සාක්ශි දරණු ඇත. ඒ අතර කරාබුනැටි තෛලයට හිමිවන්නේත් සුවිශේෂී තැනකි. මේ ඖෂධීය තෛලය ශරීරයට සුවතාවක් මෙන්ම ප්‍රසන්න බවක් සහ වේදනා නාශක ගුණයකුත් ලබා දෙනවා.
කුරුඳු, කටු රස සහිත පැණි (මධුර) මිශ්‍ර රසකින් සමන්විතයි. බොහෝවිට මනුෂයාගේ එදිනෙදා වැඩ කටයුතුවලදී කුරුඳු වර්ග අවශ්‍ය ලෙස සකසා ප්‍රයෝජනයට ගැනීම අතීතයේ සිට පැවතුණ බව අපට හඳුනාගන්නට හැකි වී ඇත. සමහර අවස්ථාවලදී මුඛ දුර්ගන්ධය නැති කිරීමට ද කුරුදු භාවිතා කරයි. මෙහි පවතින සුවඳවත් භාවය එයට හේතු වෙයි.
හොඳ උත්තේජකයක් ලෙස ආයුර්වේදයේ හඳුන්වන කුරුදු වල ඖෂධීය ගුණයන් හා ප්‍රයෝජන කුරුඳු විදුරුමස් ශක්තිමත් කරනු ලබයි. දත් දිරා යෑම වළකයි. දත් කැක්කුමට ගුණ දෙයි. කුරුඳු කුඩු හා තෙල් ක්ෂය රෝගය නිසා ඇතිවන තුවාල සුව කරයි. සිරුරේ අධික ශීතල ඇති අවස්ථාවන්වලදී කුරුඳු තෙල් කන් දෙපැත්තේ ආලේප කරයි. එවිට සීතල ගතිය පහව යයි. බඩගිනි ඇති කරයි. අජීර්ණය දුරු කරයි. (ආමය හොඳින් පැසවයි) නොදිර වූ ආහාර කොටස් ජීර්ණය කිරීමට උදව් දෙයි.ශරීරයේ වාතයේ ක්‍රියා පහසු කරයි. උදරයේ බර බව නැති කරයි. උදරයේ වේදනාව නැති කරයි. එසේම වරින් වර ඇතිවන තද බඩේ වේදනාව නැති කරයි. සමේ රෝගවලදී කුරුඳු කුඩු තලපයක් සේ සාදා ආලේප කරයි. පරිවෘත්තීය ක්‍රියා පාලනය කරයි. රුධිරය කැටි ගැසීම වළකයි. කුරුදු බලය කොලෙස්ටරෝල් හා රුධිර සිනි ප්‍රමානය අවම කරයි.
කුරුදු වල ඇති රසායනික සංයෝගය බැක්ටිරියා හා දිලිර වලට ප්රතිවිරුද්ධව ක්‍රියා කරනු ඇත.අධ්‍යනයන්ට අනුව දිනකට ග්‍රෑම් හය දක්වා භාවිතා කිරිම මගින් රුධිර ග්ලුකොස් කොලෙස්ටරෝල් අවම කර දියවැඩියාව සදහා ඇති අවදානම අවම කර ගත හැක.මෙහිදි ඉන්සියුලින් ප්‍රතිරෝදි තාව අවම කර රුධිර පද්ධතියෙන් ෙසෙල තුලට සිනි ගමන් කිරිමට උදව් කරයි.
කුරුදු කුඩු තේ හැඳි 1/2ක් දිනකට ගැනීමෙන් රුධිරයේ පවතින කොලෙස්ටරෝල් හා සීනි මට්ටම අඩු කරයි. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හා හිසරදයට කුරුදු වලින් ඛෙහෙත් හදන හැටි, ඉගුරු, කුරුඳු පොතු සහ කොත්තමල්ලි ක්ෂාය බොන්න. නාස් හිරවීම නැති කරයි. මෙම ක්ෂාය වාත කප ( සෙම) නිසා හටගත් උණට හොඳයි. ආතරයිටීස් වේදනාවට කුරුදු විශ්මිත පානයක්. කුරුඳු කුඩු තේ හැඳි 1/2ක් මී පැණි මේස හැඳි 1ක් සමග මිශ්‍ර කර හිස්බඩ ගැනීමෙන් මෙම වේදනාව පහ කරයි.
සෙම රෝගයට ගුණ දෙන කුරුඳු, වා,පිත්, සෙම යන තුන්දොස් සමනයට කුරුඳු ඉවහල් වුවත් ප්‍රධානවම ගුණ දෙන්නේ සෙමටයි. කැස්ස, හතිය, ක්ෂය රෝගය යන රෝග අවස්ථාවලදී කුරුඳු අතිශයින් ප්‍රයෝජනවත් වෙයි. ස්වසන පද්ධතියේ පවතින අවහිරතා මග හරියි. හෘදයේ දුර්වලතා නැති කිරීමට උදව් වෙයි. උදරය පිරිසිදු කරන ගුණය ඇත. රුධිර සංසරණය ක්‍රියාවලිය පහසු කරයි. ශරීරයේ ඕජස් වර්ධනය කරයි.
තේ වෙනුවට අමතර පානයකි කුරුදු තේ, කුරුඳු කුඩු තේ පානයක් ලෙස භාවිතා කළ හැකියි. ශරීරයේ බර පාලනයට, අමතර මේද දහනයට කදිමයි. මෙහි කෙඳි සහිත බව වැඩියි. මැංගනීස්, යකඩ, කැල්සියම් බහුල වේ.
කෝපි පානය කිරීමෙන් මිනිසාගේ ස්ථුලතාව අඩුකර නිරෝගී ජීවිතයක් ළගා කර ගැනීමට හැක. කෝපිවල අඩංගු කැෆේන් නමැති සංඝටකය මේ සඳහා බලපායි. කැෆේන් සංඝටකයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශරීරයේ ස්ථුලතාව අඩුකර ගත හැකි බව අද ලෝකයේ වැඩි දෙනකුගේ ද මතයක් වී ඇත. එම විශ්වාසය මත බොහෝ පිරිස් කෝපි පානය කිරීමට නැඹුරුතාවක් දක්වයි. කෝපිවල පවතින කැෆේන් නමැති සංඝටකය හේතුවෙන්, කෝපි මිනිසාගේ ප්‍රධානතම පානය වී ඇත. මේදය දහනය කරවන අනෙකුත් ආදේශගත පාන වර්ග බොහෝ පැවතිය ද , ඒ සියල්ල අභිභවා කෝපි පානය ප්‍රමුඛස්ථානයේ සිටී.
කෝපි ඉතාමත් ම රසවත්, ගුණවත් මෙන් ම සෞඛයට හිතකර පාන වර්ගයකි. කෝපි පානය කිරීම මඟින් මිනිසාගේ ශරීරයේ සිදුවන ජීව විද්‍යාත්මක සහ රසායනික සංසිද්ධිවලට ද හිතකර ප්‍රයෝජන රැසක් ගෙනදෙයි. එතුළින් නිරෝගී දිගු කාලින ජීවිතයකට මහත් රුකුලක් සැපයේ.
කෝපි තුළ පවතින කලරොජෙනික් ඇසිඩ් මඟින්(Colorogenic Acid) ශරීරයට ජීව විද්‍යාත්මකව උත්තේජනයක් සපයයි. එහෙත් මෙහිදී මතක තබාගත යුතු කාරණාව වන්නේ, කැෆේන් තුළ අඩංගු ප්‍රෝටීන නමැති සංඝටකය හේතුවෙන් මේවා වැඩිපුර පානය කිරීම ශරීරයට අහිතකර බවයි.
කැෆේන් තුළ පවතින ස්ථුලතාව මර්දනය කරන සංඝටකට මඟින් අනවශ්‍ය මේදය තැන්පත් වන සෛලවලට සංඥාවක් නිකුත් කර, ඊට ප්‍රතික්‍රියා දක්වයි.කැෆේන් මඟින් පුද්ගල ශරීරයේ පවතින රුධිර මට්ටම මනාව පාලනය කර ගත හැකි ය. විශේෂයෙන් මිනිස් ශරීරයේ ඇති මෙටබොලික් අගය පාලනය කර ගැනීමට පුළුවන.
පුද්ගලයකු කොපමණ අධික කැලරි ප්‍රමණයකින් යුක්ත ආහාර පරිභෝජනය කළත්, කෝපිවල තිබෙන කැෆේන් සංඝටකය මඟින් ශරීරයට එම කැලරි උරා ගන්නා ප්‍රමාණය අවම කර ගත හැකි ය.
පුද්ගල ශරීරයක අධික ලෙස තිබෙන මෙටබොලික් අගය ප්‍රමාණය, කැෆේන් මඟින් පහළ මට්ටමකට හරවා ගත හැකි ය. කෝපි පානයෙන් මිනිස් ශරීරයේ අධික බර ප්‍රමාණය අවම කරගෙන, සෞඛ්‍ය සම්පන්න, දිගු කාලින ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ.
කළු තේ කාර්යක්ෂමතාව වැඩි කර අවධානය යොමු කිරීමේ හැකියාව ඇතිකරයි. ඒ අතරම නොසන්සුන්භාවය ඉවත් කර සාමය යලි ගොඩනගා ගැනීමට උපකාරි වේ. ඔක්සිහාරක සහ ටැනින්, කළු තේ වල අඩංගු වන අතර, ප්‍රතිශක්තිය වැඩි කිරීම සහ පුද්ගලයා ශීතලෙන් ආරක්ෂා කිරීම මෙන්ම ආතර්සෝල්ටීයතාවය වර්ධනය වීමේ අවදානම අඩු කරයි. කළු තේ සන්සුන් වන අතර එය සෘතුමය අවපීඩනය, ස්නායු හා මනෝ චිකිත්සාව සමනය කිරීම සඳහා යොදා ගනී.
උදෑසන කළු තේ භාවිතය රුධිර පීඩනය අඩු කරයි, මානසික දුර්වලතාව හා හිසරදය ජය ගැනීමට හේතු වේ. කළු තේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි, තොරතුරු වඩා උකහා ගැනීම සඳහා උපකාරී වේ. කලු තේ මධ්‍යස්තව භාවිතා කරන අය පෙව්ජම් පද්ධතියේ රෝග වලින් ආරක්ෂා වේ.
ශරීරයෙන් හානිකර ද්‍රව්‍ය පිටවීම මේ පානයේ ප්‍රයෝජනවත් දේපලකි. ලෙමන් පෙත්තක් සහිත උණු කළු තේ භාවිතය සමේ පිළිකා 70% කින් වැළැක්වීමට උපකාරී වේ.
කළු තේ රුධිර පීඩනය අවම කරයි, එපමණක් නොව තද හිසේ කැක්කුම ඇති කරන ආඝාතය වළක්වා ගැනීමට උපකාරී වන මොළයේ ලේ යාත්‍රා පුළුල් කරයි.
වර්ෂ 5000ක බුද්ධ උප්පත්තියටත් පෙර අතීතයෙන් වර්මාථනය දක්වාම ඖෂධයක් ලෙසත්, කුළු බඩුවක් ලෙසත් ඖෂධ ගුණයෙන් ඉහළ කොත්තමල්ලි ලොව භාවිතයට ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇත. ආරම්භයේ දී මැද පෙරදිග රටවලටත්, ඊජිප්තුවටත් පමණක් ආවේණික වී තිබු කොත්තමල්ලි වර්තමානය වන විට ලොව පුරාම ප්‍රචලිත ශාක බවට පත්ව තිබේ.
ලොවපුරා සිදුකර ඇති පර්යේකෟෂයන්ගෙන් ඔප්පු වී ඇත්තේ ප්‍රතිජිවක ගුණයේ සිට පිළිකා නැසිමේ ගුණය දක්වා විශාල පරාසයකට දිවෙන ගුණයක් කොත්තමල්ලි සතුවන බවයි. ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති ඖෂධයක් වන කොත්තමල්ලි අමු ශාකය කොටා ලබා ගන්නා යුෂ සමේ වියළි බව දුරු කර සම ප්‍රසන්න පෙනුමකින් තබා ගැනිමට උපකාරි වේ.
කුරුලෑ වලට එරෙහිව ක්‍රියා කිරිමේ ගුණයක්ද කොත්තමල්ලි සතුවේ. කොත්තමල්ලි කොළ ග්‍රෑම් 5 බැගින් දිනපතා දින හැටක කාලයක් නොකඩවා ගැනිමෙන් ශරිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කර ගත හැකි බව පර්යේක්ෂණයක් මඟින් තහවුරු කර තිබේ. එලෙස කොත්තමල්ලි ගැනිමෙන් කොලෙස්ටරෝල් රෝගින්ගේ රුධිරයේ අන්තර්ගත ලිපිඩ්පෙරොක්ෂිඩේස් නැමැති රසායනය වැඩි වි රතු සෛල ක්‍රියාකාරිත්වය හොඳන් සිදු වි රෝගි තත්ත්වය පාලනය කිරිමට උපකාරි වේ.
කොලෙස්ටෙරොල් රෝගි තත්ත්වයට හේතුවෙන් රුධිරයේ නිර්මාණය වන ට්‍රයිගිසලයින් රසායනය අඩුකර ශරිරයට හිතකර එච්.ඩී.එල්. වැඩිකර ගැනිමට ද කොත්තමල්ලි උපකාරි වන බව වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දි ඇති කරුණකි.
අක්මාවේ පිත නිපදවිමේ ක්‍රියාවලිය නිසි පරිදි ඉටු කිරිමට උපකාරි වන කොත්තමල්ලි මේද පරිවෘත්ති ක්‍රියාවලිය යහපත් පරිදි සිදු කරයි. කාන්තාවන්ට මාස් ශුද්ධියේදී රුධිර වහනය සිමාව ඉක්මවා පිට වන අවස්ථාවේදි එම තත්ත්වය පාලනය කිරිමට කොත්තමල්ලි ශාකය ආහාරයක් ලෙස පිළියෙළ කර (සම්බෝලයක්) ගැනිමෙන් සුවය ලැබේ.
වා ,පිත්, සේම් යන ත්‍රිදෝෂ සමනයටම ගුණදායක කොත්තමල්ලි පිත ගැසිමේ විශේෂ ගුණයකින් යුක්ත වන බව ද ආයුර්වේදයේ දි පෙන්වා දේ. වේදනාව සහිත ඉදිමුම්වලටත් , කුරුලෑවලටත් කොත්තමල්ලි කොළ අඹරා ගැල්විමෙන් සුවය ලැබෙන අතර මේ සඳහා කොත්තමල්ලි ඇට ද භාවිතා කිරිම වරදක් නැත.
ආහාර දිරවිමේ ක්‍රියාවලිය පහසු කිරිමේ ගුණයකින් යුතු කොත්තමල්ලි ආහාරයට ගැනිමෙන් බඩගින්න ඇතිවේ. කුසගිනි නොඑන විටත්, කෑම ආරුචිය ඇති විටත් කොත්තමල්ලි කොළ ආහාරයට ගැනිම ගුණදායකය. ආහාර නොදිරවන අවස්ථාවලදි කොත්තමල්ලි බැද හොඳින් කුඩු කර උණුසුම් ජලයට දමා පානය කිරිමෙන් ගුණ ලැබේ.
බඩපුරවා දැමිම, ඔක්කාර ඇති විටත්, අර්ශස් රෝගින්ටත්, පාණ්ඩු රෝගයෙන් පෙළෙන්නන්ටත්, වියළි ඉඟුරු ,අරළු, කොත්තමල්ලි කළං 4 බැගින් ගෙන සිනි දමා හෝ නොදමා උදේ සවස පානය කිරිමෙන් සුවය ලැබේ. රත්පිත් රෝගයෙන් පෙළෙන රෝගින්ටත් හෘද රෝගින්ටත් කොත්තමල්ලි කොළ නිතර ආහාරයට එක්කර ගැනිම යහපත්ය.
ආයුර්වේද ග්රන්ථයන්හි පෙන්වා දෙන ගැනිමෙන් ශුකාණූ හිනතාවක් ඇතිවිය හැකි බැවින්, දරුවන් සෑදිමේ වයසේ සිටිනා තරුණ පුරුෂ පාර්ශවය කොත්තමල්ලි අධිමාත්‍රාවෙන් ගැනීම නොකළ යුතු බව සඳහන් කර තිබේ.
නිතර ඇතිවන හිසරදය පාලනයට කොත්තමල්ලි කොළ කොටා ලබා ගන්නා පල්පය ඉස්ම සමඟම නළලේ සෘජුවම ආලේප කිරිම හෝ රෙදි කඩක තවරා ආලේප කිරිම ගුණදායකය. ශරිරයේ විවිධ තැන්වල හට ගන්නා වසප්පු ගෙඩි සුව විමෙන් ඉක්මණින් සැරව පිටවි තුවාලය සුව විමටත් කොත්තමල්ලි කොටා භාවිතය සුදුසුය.
මුඛ අභ්‍යන්තරයේ තුවාල හටගෙන ඇති වට හොඳින් පිරිසිදු කරගත් කොත්තමල්ලි කොළ කොටා ලබාගත් යුෂ මුඛයේ ටික වේලාවක් තබාගෙන මුඛය පුරාවට හොඳින් අලේප වන පරිදි කැළතිමෙන් පසුව, ඉවත් කළ යුතුය.මුඛ රෝග සමනයට ආයුර්වේදයේ මෙය ප්රත්යක්ෂ ඖෂධයකි.
ඇතැම් පුද්ගලයන්ට නිතර ඇතිවන කරකැවිල්ල, සිහි මුර්ජා ,ගතිය, සේම අමතක වන තත්ත්වයේදි එළ කිරිවලට කොත්තමල්ලි ඇට දමා හොඳින් උණුකර නිවෙන්නට හැර පානය කිරිම ගුණදායකය. අධි රුධිර පිඩනයෙන් පෙළෙන රෝගින්ට ද මෙය ගුණදායකය.
විවිධ විකෘති කාම ආශාවන්ගෙන් යුතු කාම උන්මාදය රෝගි තත්ත්වයෙන් පෙළෙන ඇතැම් රෝගින්ට පවතින තත්ත්වය පාලනය කිරිමට කොත්තමල්ලි තැම්බු ජලය අධිමාත්‍රාවෙන් දිමෙන් හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වී රෝගි තත්ත්වය පාලනය කෙරේ.
ආයුර්වේදයේ පෙන්වා දෙන පරිදි මානසික ආතතිය පාලනය කිරිමට තදිම ඖෂධයක් ලෙස කොත්තමල්ලි ගත හැකිය. සමේ ඇතිවන ශ්‍රාවය පිට වන තුවාල, කුෂ්ඨවල දි කළුදුරු, සුදුරු ,කොත්තමල්ලි සම ප්‍රමාණයෙන් ගෙන තම්බා සේදිම හෝ බිමද ගුණදායකය.
අම්ලපිත්ත රෝගයෙන් පෙළෙන රෝගින්ට කොත්තමල්ලි ඇට රෑට තම්බා නිවෙන්නට හැර උදෑසන සිසිල් කොත්තමල්ලි වතුර හිස්බඩ පානය කිරිම ගුණදායකය.
ගර්භනි කාන්තාවන්ට මුල් මාස කිහිපය තුළදි ඇති වන වමනයට කොත්තමල්ලි කුඩ කර සිනි දමා උණූසුම් ජලයට මිශ්‍ර කර පානය කිරිමෙන් වමනය පාලනය කරගත හැකි බව අප පැරණියන් ප්රත්යක්ෂව තහවුරු කර තිබේ.
මැග්නිසියම්, පොටෑසියම් සහ කෙඳි බහුලව අන්තර්ගත කොත්තමල්ලි ප්‍රතිශක්තිකරණය ගුණයෙන් යුක්තය.
ශ්රික ජාතිකයන් සොයා තිබෙන කරුණුවලට අනුව කොත්තමල්ලි වාෂ්පිකරණ ගුණයෙන් යුතුය. එම නිසාම කොත්තමල්ලි ලිංගික ශක්තිය වැඩිකර ගැනිම සඳහා භාවිතා කරයි.
දියවැඩියාව රෝගින්ට ද කොත්තමල්ලි ගැනිමෙන් රුධිරයේ ඇති ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය උත්තේජනය කර රෝගය පාලනය කිරිමට උපකාර වේ.
දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ට ද කොත්තමල්ලි ගුණදායකය.
රූප ස්වභාවය වර්ධනය කර ගැනිමටත්, සමේ තෙතමනය ආරක්ෂා කර ගැනිමටත් කොත්තමල්ලි කොළ සුළු ප්‍රමාණයක් දෛයිනිකව ආහාරයට එක කර ගත හැක. ඊට අමතරව කොත්තමල්ලි කෙනාළ කොටා යුෂ ගැල්විම ද සමේ ආරක්ෂාව යහපත් බව ආයුර්වේදයේදී පෙන්වා දේ.
කොලෙස්ටර්රෝල් නම් ඔබට කරපිංචා දිව්‍ය ඖෂධයකි. එය ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි. හෘද රෝග වළක්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස කරපිංචා විවිධ ආකාරයෙන් ආහාරයට එක්කර ගනී. කරපිංචා කොළ කිහිපයක් ව්‍යංජනයට එකතු කරන්නේ ආහාරය රසගැන්වීමටයි. එහෙත් කරපිංචා කොළය පිගානෙහි ඉතිරිකොට අහක දමන පිරිස බොහෝය. ඒ සියලු දෙනා කරපිංචා ශාකයේ ගුණය හඳුනන්නේ නැත.
සර්පයකු දෂ්ට කළ වහාම කරපිංචා කොළ කිහිපයක් කොටා යුෂ බීමට සැලැස්වීමෙන් විෂ නැසෙයි.සර්ප විෂවලදී කරපිංචා කොළ කැඳ බීමට දෙනු ලැබේ. මෙම විෂ නාශක ගුණය නිසාම මී විෂ, සෙංගමාලය වැනි අවස්ථාවලදීත් කොළකැඳ දීම සුදුසුයි. සර්පයකු දෂ්ට කළ විට අපේ පැරැණියන් දුන්නේ කරපිංචා කැඳය. කරපිංචා කැඳ සාදා ගන්නේ කරපිංචා කොළ යම් ප්‍රමාණයකට සහල් සහ පොල් කිරි මිශ්‍ර කර පිළියෙල කර ගැනීමෙනි. අද ද සර්පයකු දෂ්ට කළ විට කරපිංචා කැඳ බීමට දෙන්නේ කරපිංචා සතු විස නැසීමේ මහගු ගුණය හේතුවෙනි. එසේම භූමිතෙල් වැනි ශරීරයට විස ගෙන දෙන ද්‍රව්‍යයන් ශරීරගත වූ විට ද කරපිංචා කැඳ බීමට දෙන්නේ කරපිංචා සතු එම විස නැසීමේ ගුණය නිසාය.
කරපිංචාවලින් සාදා ගන්නා සම්බෝලය ශරීරයට ඉතා ගුණ දෙන කොලෙස්ටරෝල් මේදය ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව ඇති ආහාරයකි.කරපිංචා කොළ, කොහොඹ කොළ, එළ මුත්‍රා සමඟ කොටා ඉස්ම පෙවීමෙන් විස නැසේ. ස්නායු දුර්වල වීම, වායුගෙඩි හට ගැනීම සහ බඩදැවිල්ලට කරපිංචා කොළ, නැටි, පොතු, බාර්ලි වතුරෙන් තම්බා බොන්න.
අර්ශස්, මලපහ පහසුවට කරපිංචා කොළ, කොහිල අල හීනියට කපා ගන්න. උළුහාල්, සුදුලූනු රතුලූනු දමා තම්බන්න. උදේ හිස්බඩට පානය කරන්න.
අකලට හිස කෙස් පැසීම කරපිංචා පෝෂ්‍ය ගුණය නිසා නතර වේ. හිසකෙස් වර්ධනය කරයි.
පිපාසයට කරපිංචා කොළ වේළා කරාබු නැටි, කුරුඳු පොත්තක් සමඟ හොඳින් කුඩුකරගෙන, කෝපි මෙන් පානය කරන්න.
කෘමි කරදරේට කරපිංචා පැළයක් දොරකඩ සිටුවීමෙන් ඉන් වහනය වන සුවඳට කුරුමිණියන් වැනි කෘමීන් අඩුවේ.
ගැබිණි මවුවරුන්ට කරපිංචා කොළ, ගම්මිරිස්, ඇට, ගොරකා කැබැල්ලක්, මිරිස් කරලක්, අඹරා කෑමෙන් ගර්භාෂයේ තෙතමනය අඩුවෙයි. දරුවා බිහි කිරීමේදී වේදනා ගතිය දුරුවෙයි.
කරපිංචා යොදා කරන කෙම්
ඇස්වල වේදනාවට, කරපිංචා කොළ, දොඹ කොළ ගොටුකොළ තැඹිලි වතුරෙන් කොටා කතා නොකර උදෑසන 6.30 - 8.00 අතර විනාඩි 45ක් පමණ එය ඇස මත තබන්න. පසුව තැඹිලි වතුරෙන් සෝදා හරින්න. මෙය කතා නොකර සිදුකරන්න.
කක්කල් කැස්සට, කරපිංචා දලු කිහිපයක් කතා නොකර කැඩීමෙන් හින්දාගත් පොල්තෙල්වලට දමා නැවත මඳ පවනේ වේළා පපුව ප්‍රදේශයේ හා ඛෙල්ලේ තවරන්න.
නිය පිරිත්ත දියවීමට හා පැසවීම, කතා නොකර කරපිංචා නැටි ගලක තබා තළා දෙහි ඇඹුලෙන් උරගාන්න. එයට කොහොඹ තෙල් ස්වල්පයක් එකතු කොට එම නියට බඳින්න.
කල්ගිය හිසරදයට, කතා නොකර කරපිංචා දලු, කරාබුනැටි, ඉඟුරු, දෙහි ඇඹුලෙන් අඹරා කතා නොකර නළලට පැලැස්තරයක් මෙන් තබන්න.
මහදුරු හෙවත් මාදුරු, ආහාර පිසීමේදී නැතිවම බැරි කුළුබඩු වර්ගයක් ලෙස හැඳින්විය හැක. එය ස්වාභාවික රසකාරකයක් ලෙස වසර දහස් ගණනක් තිස්සේ පැවත එන දෙයකි. මහදුරු යනු අසමෝදගම් පවුළේ ශාඛයක් වන Foeniculum vulgare වල ඇට වර්ගයක් වන අතර ඔබේ සෞඛ්‍යයට වැදගත් වන අප්‍රකට වාසි රැසක් රැගත් කුළුබඩු වර්ගයක් ලෙස හැඳින්විය හැක.
මහදුරු ප්‍රතිඔක්සිකාරක මගින්, ශරීරය තුළ පවතින පටක සහ සෛල වලට හානි පමුණුවන මුක්තඛණ්ඩක (Free radicals) නැමැති රසායන ද්‍රව්‍යයන් උදාසීන කර ඉවත්කිරීම සිදුවේ. එබැවින්, මාදුරු වලට පිළිකා, ආසාදන, අකලට වයස්ගතවීම, සහ වයස්ගත වනවිට ඇතිවන ඇතැම් ස්නායු රෝග වැළැක්වීමේ ගුණයක් පවතී.
මාදුරු වල ආහාරමය තන්තු (Dietary fibre) බහුලව පවතී. සාමාන්‍යයෙන්, මාදුරු ග්‍රෑම් 100 ක තන්තු ග්‍රෑම් 39.8 ක් පවතී. මෙම තන්තු වලින් වැඩි ප්‍රමාණයක් ජලයේ දිය නොවන අතර, ඒවා ආහාර ජීර්ණ පද්ධතිය තුළදී ජලය උරාගෙන ප්‍රසාරණය වීම දැකිය හැක. එමගින්, ආහාර ජීර්ණ පද්ධතිය ඔස්සේ ගමන්ගන්නා ආහාරයේ පරිමාව වැඩිවන නිසා මළබද්ධය, අර්ශස් අමාරුව, සහ බඩවැල් වල පිළිකා වැළඳීමට ඇති අවදානම අඩුවේ.
මහදුරු වල අන්තර්ගත ආහාරමය තන්තු සමග පිත්තාශයෙන් ශ්‍රාවය වන පිත් ලවණ (Bile salts) බැඳීම සිදුවන බැවින්, බඩවැල් තුලදී පිත් ලවණ නැවත ශරීරයට උරාගැනීම අඩුවේ. පිත් ලවණ යනු කොලෙස්ටරෝල් වලින් සෑදෙන සංඝටකයක් වන බැවින්, මහදුරු වලට ශරීරයේ ඇති අඩු-ඝනත්ව ලිපෝප්‍රෝටීන් (Low-density lipoprotein) නැමැති හානිකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකල හැක. එමනිසා, හෘද රෝග ඇතිවීමේ අවදානම අඩුවේ.
මාදුරු ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත, ආහාර ජීර්ණය පහසු කරවන, සහ උදරයේ වාතය ඇතිවීම සමනය කරන රසායන ද්‍රව්‍යයන් ලෙස හැඳින්විය හැක.
එමෙන්ම, මාදුරු වල ශරීරයට අත්‍යාවශ්‍ය ඛණිජ ලවණ රැසක් පවතී. ඒවා අතර, තඹ, යකඩ, කැල්සියම්, පොටෑසියම්, මැන්ගනීස්, සෙලීනියම්, සින්ක්, සහ මැග්නීසියම් බහුලව ඇත. තඹ සහ යකඩ යනු රතු රුධිරාණු නිෂ්පාදනයට අත්‍යාවශ්‍ය ඛණිජ ලවණ දෙකකි. සින්ක් යනු ශරීරයේ වර්ධනය, ශුක්‍රාණු නිෂ්පාදනය, ආහාර ජීර්ණය, සහ ජාන වල පවතින න්‍යෂ්ඨික අම්ල නිෂ්පාදනය වැඩිදියුණු කරන ලෝහයක් වන අතර, පොටෑසියම් මගින් සෛල තුළ සහ ශරීරය තුළ පවතින දියර වල අයන සමතුලිතතාවය පවත්වා ගනී. එමනිසා, පොටෑසියම් හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය පාලනය කිරීමට වැදගත් වේ. මැන්ගනීස් යනු ශරීරයේ පවතින වැදගත් ප්‍රතිඔක්සිකාරක එන්සයිමයක් වන සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස් (Superoxide dismutase) වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන සහසාධකයකි.
විටමින් වර්ග ගණනාවක්ම අඩංගු වන ගබඩාවක් ලෙසද මහදුරු හැඳින්වීමේ වරදක් නැත. එහි, විටමින් A, විටමින් E, සහ විටමින් C බහුලව අඩංගු වේ. එමෙන්ම, මාදුරු වල විටමින් B සංකීර්ණයට අයත් තයමින් (Thiamin), පිරිඩොක්සින් (Pyridoxine), රයිබොෆ්ලේවින් (Riboflavin ) සහ නියැසින් (Niacin) යන විටමින් වර්ගද යහමින් අඩංගු වේ.
කෙසේ වුවත්, මහදුරු අධික ප්‍රමාණ වලින් ආහාරයට ගැනීම එතරම් ගුණදායක නොවේ. එහි අඩංගු වන ඇතැම් රසායනික සංඝටක අධික ප්‍රමාණ වලින් ශරීරගත වුවහොත්, ස්නායු පද්ධතියට විෂ සහිත වන බැවින් ව්‍යාජ දර්ශන මැවී පෙනීම (Hallucinations) සහ අපස්මාරය වැනි තත්ත්ව ඇතිවීමට හේතුවේ. මහදුරු අධික ප්‍රමාණ වලින් ආහාරයට එකතුකර ගැනීම, ඊස්ට්‍රජන් (Oestrogen) ආශ්රිත පිළිකා වර්ග වන පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා, සහ ඇතැම් ගර්භාෂය ආශ්රිත පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවීමට හේතුවිය හැක. එමෙන්ම, මාදුරු අධිකව ආහාරයට ගැනීම ගර්භණී මව්වරුන්ට එතරම් ගුණදායක නොවේ. එයට හේතුව, මාදුරු වල ඊස්ට්‍රජන් නැමැති කාන්තා හෝමෝනයට සමාන ක්රියාකාරීත්වයක් ඇති රසායනික සංඝටක අන්තර්ගත වීමයි. නමුත්, මාදුරු සාමාන්‍ය ප්‍රමාණ වලින් ආහාරයට ගැනීම කිසිසේත්ම හානිකර නොවේ. මාදුරු වල පොටෑසියම් බහුලව අඩංගු වන බැවින්, වකුගඩු රෝගීන්ද මාදුරු අඩු ප්‍රමාණ වලින් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ.
රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කොට හෘදයේ ධමනි තුල මේදය තැන්පත් වීම අවම කර හරින දිව්‍යමය ගුණ මෙහි අඩංගු වේ. හෘදයට ඉතාමත් හිතවත් බව චරක මහ ඍෂි විසින් නම් කර ඇති ආහාර දසකයට ගොරකා ද අයත් වේ. අපේ ශ්‍රී ලංකික ආහාර රටාවේ මස් මාළු පිසීමට, පෝල් මල්ලුමට, පොලොස් ඇඹුල්තියල් සැකසීමට, කොහිල මාලුවට ගොරකා එකතු කරනු ලැබේ.
දැන් දැන් මේ වෙනුවට කෘතීම රසකාරක එකතු කිරීමට අප පෙළඹී සිටී. ගොරකා ආහාර ජීර්ණය ක්‍රමවත් කරවමින් ආහාර රුචිය වඩවන අතර ආහාරයේ අඩංගු වන විෂ පදාර්ථයන් ද සමනය කරයි. ගොරකා ආහාරයට ගැනීම ඔබේ සිරුරේ මේදය දහනයට හා තරබාරු කම අඩුකිරීමේ මහගු ඔසුවක්, මේ ඔසුව ශරිරයේ බර අඩු කිරිමට හා අමාශයේ ඇතිවන පිළිකා හා ආහාර දිරවීමේ අපහසුතා වලට කදිම විසදුමක්.
මේද තැන්පත්වීම වලකයි
සිට්රික් අම්ලයේ (citric acid) අතුරුඵලයක් වන HydroxyCitric Acid (HCA) අම්ලය ගොරක නිස්සාරණයක අඩංගුවන ප්‍රධානම සංඝටකයක්. එම HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරනවා. සරළව කිව්වොත් සාමාන්‍ය තත්ව යටතේදි ශක්තිය ලෙස වැය කිරීමෙන් පසු අපේ ශරීරයේ ඉතුරුවෙලා තිබෙන වැඩිපුර සීනි සහ කාබෝහයිඩ්රේට, citrate lyase එන්සයිමය මගින් මේද අම්ල (fatty Acid) සහ කොලෙස්ටරෝල් බවට පරිවර්තනය කරනවා. ඉන ,උකුල, සට්ටම් ආදියේ තැන්පත් වෙන්නේ මේ අතිරේක මේදය. ඉතිං ගොරකා වලින් කාබෝහයිඩ්රේට මේදය බවට පරිවර්තනය වීමේ වේගය අඩපණ කරනවා. මේ නිසා මේද තැන්පත් වීම වලකිනවා.
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි
HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරන බව ඉහත අපි සදහන් කලා. මේ හේතුවෙන් රුධිරය තුල සංසරණය වන ලිපිඩ ප්‍රමාණය අඩුකිරීම සිදුකරනවා. මේ හේතුවෙන් අහිතකර කොලෙස්ටරෝල් නිපදවීම වලකා හිතකර කොලෙස්ටරෝල් නිපදවීම සිදුකරනවා එමෙන්ම අධිරුධිර පීඩනය පාලනය කිරිමත් මෙයින් සිදුවෙනවා .
කෑම රුචිය මර්ධනය කරයි
අපගේ මොළයේ ඇති serotonin නම් රසායනිකය මගින් බඩගිනි ඇතිවීම නැතිවීම, අාහාර රුචිය ආදිය පිලිබද අපගේ මොළයට සංවේදන සැපයීම (උත්තේජනය) සිදුකරනු ලබනවා.ගොරක වල අඩංගු HCL hydroxycitric acid මහින් එම serotonin මට්ටම ඉහල දැමීම තුලින් කෑම රුචිය මර්ධනය කිරිම හා පැණි රස ආහාර සදහා ඇති ආසාව අඩු කරනවා.
ශරීරෙය් පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කරයි
ගොරක වලින් සිදුවන තවත් ඉතා වැදගත් මෙහෙයක් තමා ශරීරයේ සිදුවන පරිවෘත්තිය ක්‍රියා කාර්යක්ෂමව සිදුකිරීමට උදව් වීම. (පරිවෘත්තිය ක්‍රියා කියන්නේ අපේ ශරීරය ස්ථායීව පවත්වාගැනිම සදහා ශරිරය ඇතුලත සිදුවන රසායනික ප්‍රතික්‍රියාදාමයක්). ගොරක වල ඇති HCL මගින් ශරීරය තුල සිදුවන මෙම ප්‍රතික්‍රියා, තුලිත කර කාර්යක්ෂමව සිදුවීමට උදව් වෙනවා. මේනිසා ශරීරයට අතිරේක ශක්තියක් වැය කරන්නට සිදුවෙනවා. ඉතිං මේ සදහා අවශ්‍ය ශක්තිය ලබාගන්න ශරීරයේ ඇති වැඩිපුර මේදය දහනය කරලා ශක්තිය ලෙසට භාවිතා කරන්නට සිදුවෙනවා .මේ හේතුවෙන් ශරීරයේ තරබාරු කම අඩු වීම සිදුවෙනවා.
ප්‍රතිශක්තිකරන පද්ධතිය වැඩි දියුණු කරයි
ගොරක මගින් අපේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරනවා. නවතම අධ්‍යනයන්ට අනුව ගොරක වල ඇති අධික විටමින් c ප්‍රමානය නිසා රෝගාබාධ හා ආසාදනයන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කරනවා. එමෙන්ම හෙම්බිරිස්සාව සාමාන්‍ය උණක් වැනි රෝගි තත්වයන්ගෙන් කෙටි කලකින් සුවය ලැබීමටත් උපකාරි වෙනවා
සුදුළූණුවල විටමින් A හා B1, B2, B3, B5, B6, C හා විටමින් E අඩංගය. ඒ වගේම කැල්සියම් කොපර්, මැග්නීසියම්, සල්ෆර්, අයන්, සින්ක්, පොස්පරස්, පොටෑසියම් අඩංගු වේ. සුදුළූණු වල ඇති පුදුම හිතෙන ගුණාංග නිසා ආහාර පිසීමේදී ව්‍යංජන වලට නැතුවම බැරි සුදුළුනු වල ශරීරයට ගුණදායී පෝෂ්‍ය පධාර්ථ බොහොමයක් අඩංගුයි.
01. හෘද රෝග පාලනයට
රැධිර ගමනය පාලනය කරමින් කොලෙස්ටරෝල් ප්‍රමාණයද අඩු කිරීමට උපකාරී වීම නිසා හෘද රෝග නිවාරණය කරගැනීමට සුදුසු ආහාරයක් වේ.
02. ආතතිය අඩු කරගැනීමට
අධික රුධිර පීඩනය පාලනය කිරීමට හා රුධිර නාලිකාවල විශාලත්වය වැඩි කිරීම නිසා සිරුරේ රුධිර ගමනය විදිමත් ලෙස සිදුවේ. එම නිසා අධික රුධිර පීඩනය රෝගයෙන් පෙලෙන පුද්ගලයන් හට අමතර ආහාරයක් වශයෙන් සුදු ළූණු වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරයි.
03. ආතරයිටිස් වේදනාව අඩු කර ගැනීමට
ආතරයිටිස් රෝගයෙන් පෙලෙන පුද්ගලයින්ගේ වේදනාව අඩු කර ගැනීමට සුදු ළූණූ වල අඩංගු Anti-Oxide සහ Anti-Inflammarty උපකාරී වීම නිසා ආස්ථි ආශ්රිත වේදනාව සමනය කර ගත හැක.
04. සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනයට
සුදු ළූණු වල අඩංගු විඩමින් C සහ B6, ලෝහ සහ අනෙකුත් විටමින් වර්ග නිසා ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ප්රතිශක්තීකරනය වැඩිකරයි. පළමු හා දෙවන ලෝක යුද්ධ වලදී සෙබලුන්ගේ ප්‍රතිශක්තී කරනය වැඩි කිරීමටත් එමගින් බෝවන රෝග වලින් වැළකී සිටීමටත් සුදු ළුණු උපකාරී වු බව ඉතිහාසයේ සදහන් වේ.
05. සෙම්ප්‍රතිශ්‍යාවට සහ කැස්සට ඖෂධයක් ලෙස
කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාරයක් ලෙසද සමහර රටවල සුදු ළූණු භාවිතා වේ. එමගින් මෙම රෝග වල ආසාදනය වීම් පාලනය කරගත හැකි බව වෛද්‍ය වරුන් පවසා සිටිනවා. ඒ මෙහි අඩංගු AntiBiotic සහ Antiviral ගුණාංග නිසාය.
06. දිලීර ආසාදනය වීමෙන් වළක්වා ගැනීමට
පණුකැවිල්ල ඇතුළු දිලීර ආශ්රිත රෝග සදහාද ප්‍රතිකාරයක් වශයෙන් සුදුළුණු භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.
07. ආසාත්මිකතා වලට එරෙහිව
සුදු ළූණු වල අඩංගු AntiViral සහ AntiInflammatory ගුණාංග නිසා සිරුරේ ඇතිවන ආසාත්මික තාවයන් සදහා සටන් කිරීමට ශක්තිය ලැබෙන අතර තුවාල ඇතිවී ඇති තැන් වල තැවරීම මගින්ද ඒවා සුවපත් කිරීමේ හැකියාව පවතින බව වෛද්‍ය වරුන් පිළිගෙන ඇත.
08. දන්ත වේදනාවන් සමනයට
බැක්ටීරියා වලට එරෙහිව සටන් කල හැකි නිසා මුඛය ආශ්‍රිතව ඇතිවන ආසාදන වලදී වේදනාව අඩු කරගැනීමට සුදු ළූණු භාවිතා කළ හැකි බව සදහන් වේ.
09. ආහාර දිරවීමට උපකාරී වීම
ගෑස්ට්‍ර්ක් අම්ල සිරුරේ ඇතිවීම පාලනය කරමින් සිරුරේ ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි කර දීමට සුදු ළූණු උපකාරී වේ. එහෙත් අධික ලෙස සුදු ළූණු ආහාරයට ගැනීමද ශරීරයට අහිතකර බව වෛද්‍යවරුන් පවසයි.
10. පිළිකා වලින් ආරක්ෂා වීමට
බහිශ්රාවීය පද්ධතියේ සහ පෙනහළු ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවධානම බෙහෙවින්ම අඩුකර ගැනීමට සුදු ළූණු සුදුසු බව වෛද්‍ය වරු පවසනවා . මෙමගින් පිළිකා සෛල ඇති වී තිබුණත් ඒවා වර්ධනය වන වේගය සුදු ළුණු මගින් අඩුවන බවට වෛද්‍යවරුන් වැඩිදුරටත් සදහන් කර සිටී.
11.කොලෙස්ටරෝල් අවම කරන සුදුළූණු
කොලෙස්ටරෝල්වලට හිතකර සුදුළූණු විෂබීජ නාශකයක් ද වෙයි. වෛරස් රෝග නැති කරයි. ලේ කැටි දිය කිරීමේ හැකියාව ඇත. හෘදයට හිතකරයි. හෘද රෝග දුරු කරයි.
12.සෙංගමාලය, කැස්ස, ඇදුම, හර්නියා වැනි රෝගවලට ගුණදෙයි. මුත්‍රාශයේ හා පිත්තාශයේ ගල් දිය කිරීමේ හැකියාවක් ඇත. බෝ වන රෝගවලට ගුණ දෙයි. කටහඬ මිහිරි කරයි. අපහසුවෙන් මුත්‍රා පිට කිරීම (මුත්‍ර කෘත්ර) සිදු කරන රෝගීන්ට සුදුසුයි. කුෂ්ට රෝග වළකයි. හොඳින් සෙම පිට කරයි. සුදුළූණු හොඳ විශබීජ නාශකයක් ද වේ. විෂ ඝෝර සර්පයන්ගෙන් ආරක්ෂා වීමට සුදුළූණු හොඳ ඖෂධයකි. දරුවන් ප්‍රසූත කළ මව්වරුන්ට අපවිත්‍ර රුධිරය ඉක්මනින් පිට වීමට මෙම සුදුළූණු අගනා ඖෂධයකි.
ආයුර්වේදයට අනුව සුදුළූණු සතු රෝග සුව කිරීමේ විස්මිත ගුණය දිනපතා සුදුළුණු කෑමෙන් දීර්ඝායු ලැබෙන අතර,ශුක්‍ර වර්ධනය වේ. නිරෝගී දරුවන් ලැබීමට හා සිරුරේ ශක්තිය දියුණු කරගැනීමට ද, බුද්ධිය, නුවණ හා ධාරණ ශක්තිය වර්ධනයටද, කැසීම,දැවිල්ල, කුෂ්ඨ, සුදු කබර ඇතිවීම වැනි හමේ රෝග සුව කිරීමටද, පණු රෝග, වාත රෝග වලට ද, කැඩුණු බිඳුණු අස්ථිවලට සුවය ලබාදීමට ද, හදවත් රෝග, කල් අල්ලන උණ, ගුල්ම රෝග, කෑම අරැචිය, ශුල රෝග, අර්ශස්, මාන්දම්, සෙම ආදි රෝග රැසකට දිව්‍ය ඔසුවක් ලෙස දැක්වෙයි.
සුදුළූණුවලින් ශරීරයට ලැබෙන සුවිශේෂී ගුණයක් නම් ගැබියණියන්ගේ දරුගැබ් ආරක්ෂා කිරිමට සුදුළූණුවලට ඇති හැකියාවයි. සුදුළූණු කෑමෙන් පිරිමින්ගේ ශුක්‍ර බීජ හා කාන්තාවන්ගේ අර්තව බීජ (ඩිම්බ ) පිරිසිදු කරදෙයි. අකලට කෙස් සුදුවීමට සුදුළුණු අඹරා ගෑමෙන් කෙස් යළි කළු පැහැ වේ. රක්තවාතය, මැලේරියාව, භගන්දර අස් පටල,තිමිර පටල දෙපා කොරවීම ආදි රෝග බොහෝමයකට ගුණ දෙන අපූරු කුළුබඩුවකි සුදුළූණු. තල තෙල් සමග සුදුළුණු දීමෙන් අපස්මාරය සුවවේ. ගැබිණියන්ට හා පිත් ප්රකෘතකයින් නතර සුදුළුණු දීම හිතනර නොවන හෙයින් එය කොත්තමල්ලි සමග දීම වඩාත් සුදුසුය. අන්ඩවෘද්ධියට සුදුළුණු තැම්බු වතුරට නවරත්න කල්කය යොදා දීම ගුණදායකයි. මුත්‍ර ගල්,පිතත ගල් ආදියට වැල්පෙනල දළු, සුදුළුණු, උළුහාල් සමව ගෙන තම්බා බීම ද පපුවේ වේදනාවට සුදුළුණු සමග ගම්මිරිස් ,උළුහාල් සමව ගෙන තම්බා බීම ද ගුණ දායක ය. ලේවල මේදය (තෙල්) නැසීමට සුදුළුණු, කරපිංචා,ගොරකා අඹරා ආහාරයට එක්කර ගැනිම ද කළ හැකියි. කැස්සට නාක දළු, කුඹුරු දළු, අමු ඉගුරු , සුදුළුණු සමව ගෙන කොටා වන්ඩුවේ තම්බා මිරිකා ගෙන මී පැණි සමඟ ආහාරය ගත හැකියි. අධික රුධිර පීඩනය මගින් පීඩා විඳින රෝගීන්ට සුදුළූණු වසරක් පැරණි මී පැණිවල බහා තබා දිනපතා සූදුළුණු බිකක් පමණ ගෙන ආහාරයට ගැනීම ගුණදායක ය. ප්‍රසව වේදනාව, අධික රුධිර පීඩනය,වාත වේදනාවට සුදුළුණු බැබිල මුල් සමඟ තම්බා බීම ගුණයි. ඇදුමට කුප්පමේනිය,කොළ, සුදුළුණු ,පොල් සමව ගෙන කොට උණුවතුරින් මිරිකා බීම ද සෙංගමාලයට මසන් කොළ, සුදුළුණු, කිතුල් හකුරු, දෙහි ඇඹුල් දමා කැකුලු හාලින් කැද පිස බීම වැනි රෝග රැසකට සුදුළුණු යොදා ගනී. මුහුණේ කුරුලෑ වලට සුදුළුණු මී පැණියෙන් අඹරා ගෑමෙන් කුරුලෑ සම්පූර්ණයෙන්ම සුවකරගැනීමට හැකිය.
අධික තරබාරු බව නැති කර ගැනීමට නම් සුදුළූණු දිනපතා ආහාරයට එක්කර ගත හැකියි.ශරීරයේ මේදය දහනය කරමින් සුදුළූණුවල සුවිශේෂී ගුණයෙන් මාස තුනකින් පමණ තරබාරු බව නැති වී ශරීරයට සැහැල්ලුව ලැබේ.
ආහාර රුචිය වැඩි කරයි. දහඩිය හොඳින් පිට කරයි. පිරිමින්ගේ සරු බව වැඩි කරයි. පක්ෂාගාත රෝගවලට ගුණ දෙයි. සන්ධි ඉදිමුමට ගුණ දෙයි. ශරීරය බලවත් කරයි. ඇස් පෙනීම වැඩි කරයි. කෙස් අග පැලීම නැති කරයි. පිළිකා නාශකයි. රුධිර නාල ඇතුලේ රුධිරය කැට ගැසීම දුරු කරයි. පණු රෝගවලින් ආරක්ෂා කරයි. වාතය සමනය කරයි. කර්ණ රෝගවලට ගුණ දෙයි. ඇට මිදුලු සවිමත් කරයි. ප්‍රතිශ්‍යාව, කැස්ස, බ්‍රොන්කයිටීස් රෝග දුරු කරයි. විවිධ අසාත්මිකතාවලට ගුණ දෙයි. ස්ත්රීන්ගේ ඔසප් රෝග සඳහා යෝග්‍ය වේ. වාත වේදනා කැක්කුම් දුරු කරයි. විශේෂයෙන් ගර්භණී අවස්ථාවලදී සුදුළූණු සමඟ බැබිල මුල් තම්බා බොන්නට දෙයි. එය ඔවුන්ගේ විවිධ වේදනාවලට ගුණ දෙයි. හෘද රෝගවලට ගුණ දෙන අතර ධමනි රෝගවලට ද සුදුසුයි.
බොහෝ රෝග සඳහා ඖෂධයක් ලෙස ඉඟුරු යොදා ගන්නවා. පිළිකා නැසීමේ ගුණයක් ඉඟුරුවල තියෙනවා. ශරීරයේ ඇති වන බොහෝ ලෙඩ රෝග ගණනාවකටම ඉඟුරු ඖෂධයක් ලෙස යොදා ගන්නවා. අමු ඉඟුරුවල අල ඖෂධයක් ලෙස භාවිතා කරයි. අමු ඉඟුරු සහ වියලි ඉඟුරු අතර ගුණ වෙනස් වෙයි. අමු ඉඟුරු පිත සමනය කරයි. බඩගිනි ඇති කරයි. ආහාර දිරවීම පහසු කරයි. හෘදයට හිතකර වෙයි. මලබද්ධය හා වමනය නැතිකර දමයි. ආහාර දිරවීම පහසු කරයි.
උදරාබාධවලදී අමු ඉඟුරු යුෂ මී පැණි සමඟ පානය කරීමෙන් සුවය ලැබෙයි. වේදනා නාශකයක් වන අමු ඉඟුරු අභ්‍යන්තර හා බාහිර වශයෙන් ගත හැකිය. ප්‍රතිශක්තිය වර්ධනය කරයි. රුධිරය පිරිසුදු කිරීමට උදව් වේ. අමු ඉඟුරු යුෂ හා දෙහි යුෂ මීපැණි සමඟින් මිශ්‍ර කර පානය කිරීමෙන් අජීරණය දුරු වේ. අමු ඉඟුරු සහ සුදු ලූණු ගෙන කෂාය කර බීමෙන් සිරුරේ වේදනාව අඩුවෙයි. අමු ඉඟුරු යුෂ ජනප්‍රිය පානයකි. එය රසවත්ය.
අමු ඉඟුරු දෙහි දමා ජින්ජර් බියර් ලෙසද වෙළෙඳපලේ දැකිය හැකි. පැරැණ්නෝ තම ගෙවත්තේ ඉගුරු පැලෑටියක් සිටුවා ගත්හ. රස කැවිලි අතර ඉගුරු දෝසි ඉතාම අගනා ප්‍රනීත රස කැවිල්ලක් ලෙස ශ්‍රී ලංකාවේ ප්රකටය. අමු ඉගුරු, නික කොළ සහ පාවට්ටා කොළ කොටා වණ්ඩුවේ තම්බා තැවීමෙන් මංශ පේෂි වේදනා අඩුවේ.
සෙම්ප්‍රතිශා උණට කොත්තමල්ලිවලට ඉඟුරු පෙති කිහිපයක් දමා තම්බා බීම සුදුසුය. ආහාර අරුචිය, මළ බද්ධය, කාන්තාවන්ගේ ඔසප් වේදනාව, හෘද රෝග, පෙනහලු ආශ්රිත රෝග, කොලෙස්ටරෝල්, උදර වේදනාව, වමනය, ඔක්කාරය, උණ රෝගය ආදී බොහෝ රෝග සුවය සඳහා ඉඟුරු භාවිත කරනවා.
* ආහාර අරුචිය ඇති විටකදී ඉඟුරු තැම්බූ වතුරට දෙහි ඇඹුල් ස්වල්පයක් දමා පානය කිරීම.
* අරළු, වියළි ඉඟුරු හා සහිඳ ලුණු තම්බා බීමෙන් ආහාර රුචිය වැඩිවේ.
* වියළි ඉඟුරු, කරපිංචා කොළ හා අරළු තම්බා බීමෙන් මළ බද්ධය හා උදරය පුරවා දැමීම වළකාලයි.
* වමනය ඇති අවස්ථාවකදී ඉඟුරු ඉස්ම මී පැණි සමඟ මිශ්‍ර කර පානය කිරීමෙන් වමනය නතර වෙයි.
* උණ රෝගය වැළඳී ඇති අවස්ථාවකදී ඉඟුරු හා කොත්තමල්ලී තම්බා පානය කිරීම ගුණදායකයි.
* අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයකුට නම් දිනපතා ඉඟුරු ඉස්ම තේ හැන්දක් මී පැණි තේ හැන්දක් සමඟ මිශ්‍ර කර පානය කිරීම සුදුසුයි.
* දිනකට එකවරක්වත් බොන තේ කෝප්පයටම ඉඟුරු ඉස්ම තේ හැන්දක් පමණ මිශ්‍ර කර පානය කිරීමද අධි රුධිර පීඩනයට ගුණදායකයි.
* තරුණ කාන්තාවන් අතර පවතින ඔසප් වේදනාව, 80 – 85 % ප්‍රමාණයකින් අඩු වීමට ඉඟුරු ඖෂධයක් ලෙස භාවිත කිරීම හේතු වෙලා තියෙනවා.
* ඉඟුරු තම්බාගත් වතුර අඬුකෝප්ප භාගයකට සීනි තේ හැන්දක් මිශ්‍ර කර පානය කිරීමෙන් එම වේදනාව ක්‍රමයෙන් අඩු වෙනවා.
* ඉඟුරු භාවිතය මඟින් ශරීරයේ ඇතිවන විවිධ වෙනස්කම් පාලනය කරනවා. තරුණ බව රැක ගැනීමට ඉතාමත් යෝග්‍ය වන ඉඟුරු සම රැලි වැටීම සහ සන්ධි රෝග ප්‍රමාද කරනවා.
දිනපතාම තම ආහාරයට හෝ තේ කෝප්පයට ඉඟුරු කැබැල්ලක් එක් කර ගැනීමෙන් තරුණ බව රැකගන්න පුළුවන්.
* හතිය, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග පවතීනම් ඉඟුරු, කරාබු නැටි, ගම්මිරිස් සමව ගෙන කුඩුකර එම කුඩු තේ හැඳි 1/2 පමණ දිනකට දෙවරක් උණුවතුරින් පානය කිරීම ඉතාමත් ගුණදායකයි.
ශරීරයේ රෝගාබාධ වළකා ගනිමින් තරුණ පෙනුම රැකගැනීමට දිනපතා ඉඟුරු ආහාරයට ගැනීමට ඔබත් හුරුවන්න.
අමු තේ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන අතරම ඔබව ප්‍රබෝධමත් කරයි. එහි අඩංගු බයෝඇක්ටිව් සංයෝග නිසා ඔබේ ශරීර සෞඛ්‍යය වර්ධනය කරයි. සිරුරේ මේද දහන ක්‍රියාවලිය වේගවත් කරයි. එහි ඇති ප්‍රති ඔක්සිකාරක සංයෝග මඟින් පිළිකා අවදානම අවම කරයි. ඔබේ මොළය වයසට යෑමේ වේගය අවම කරන බැවින්, ඇල්සයිමර්ස් සහ පර්කින්සම් වැනි මොළය ආශ්රිත රෝග අවදානම අඩු කරයි.
චීනයේ උපත ලද ග්‍රීන් ටී ආසියාව පුරා දැන් ඉතා ජනප්‍රිය පානයකි. ග්‍රීන් ටී පානයෙහි විටමින් A, D, E, C, B, B5, H සහ K යන වර්ග අඩංගුය. එමෙන්ම මැග්නීසියම්, සින්ක්, ක්‍රෝමියම්, සෙලනියම් යන ලෝහ වර්ගද සුළු වශයෙන් අඩංගුය.
ග්‍රීන් ටී පානය කල පමණින් විශාල වශයෙන් බර අඩු වෙන්නේ නැත. ඒ සඳහා පිළිපැදිය යුතු තවත් දේවල් තිබේ. විශේෂයෙන් ව්‍යායාම සහ ආහාර පාලනය වැනි දේවල් වලටත් යොමු විය යුතු වනවා. ඒත් සමග ග්‍රීන් ටී භාවිතයෙන් ශරීරයේ බර අඩු කරගැනීමට සහ අනෙකුත් වාසි අත්කරගැනීමට නම් ඔබ ග්‍රීන් ටී ගැන දැනගත යුතු දේවල් කිහිපයක්ම තිබෙනවා.
ඒ වගේ ම ඔබගේ දන්ත සෞඛ්‍ය රැක දෙන්නත් ග්‍රීන් ටී උපකාරී වෙනවා. එපමණක් නොව ඔබගේ ශරීර බර අඩු කරගන්න ග්‍රීන් ටී පානය කදිමයි.
සාමාන්‍ය පුද්ගලයෙකු දිනකට ග්‍රීන් ටී කෝප්ප 3කට නොවැඩි ප්‍රමාණයක් භාවිතය ඉතා ම සුදුසුයි.
ග්‍රීන් ටීවලින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට නම්, නටන උණු වතුර මඳක් නිවෙන්නට හැර සෙල්සියස් අංශක 70දී පමණ පිළියෙළ කරගන්න .
ග්‍රීන් ටී කියන්නෙ ලංකාවෙ අපි අතරත් ඉතාම ජනප්‍රිය පානයක්. දියවැඩියාව,පිළිකා නැසීම, කොලෙස්ටරෝල් පාලනය වැනි සෞඛ්‍යමය වාසි රැසක් අඩංගු වුවත් අපේ අයනම් වැඩිපුරම ග්‍රීන් ටී බොන්නෙ කෙට්ටු වෙන්න හිතාගෙනයි.
රණවරා වල ඇති ඖෂධිය ගුණයන්ට සිරුර සිසිල් කිරීමේ හැකියාව සහ විඩාබර බව දුරු කිරීමට හැකියාව පවතිනවා. ඒ වගේම සිරුර පැහැපත් කිරීමේ කාන්තිමත් කිරීමේ ගුණය අතිශයින් ඉහලයි. ඒ වගේම රණවරා පිත, සෙම අවම කරමින් පණු රෝග ආදියටද ගුණ ලබා දෙනවා. ශරීරයේ ඇති වෙන දද, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග අවම කරනවා.
රණවරා ශාකය දියවැඩියා රෝගීන්ට දෙන්න පුළුවන් වටිනා ඖෂධයක්. ඒ වගේම මුඛයේ හට ගන්නා තුවාල සුව කිරීමටත් යොදා ගන්න පුළුවන්. රණවරා මල්, කොළ, මුල් ආදිය තැම්බූ වතුර වලින් තුවාල, කුෂ්ට, දද ආදිය සේදීම මඟින් ඉක්මන් සුවය ලබන්න පුළුවන්. පිරිමින්ගේ ශක්ති වර්ධනය දරුඵල වර්ධනය වෙනුවෙන් ඉවහල් වන ශුක්‍ර වර්ධනයට උපකාරී වීම මෙහි තවත් වැදගත්කමක්. රණවරා ඇට හොඳින් වියලා කුඩු කර තබා ගෙන තේ, කෝපි මෙන් පානය කරන්නත් පුළුවන්. එයින් ඔබට තියෙන සෞඛ්‍ය ගැටළු රැසක්ම අවම කර ගන්න පුළුවන්.
දිනපතා රණවරා මල්, කොළ තැම්බූ වතුර, රණවරා කැඳ ආදිය පානය, රණවරා කොළ මැල්ලුම ආහාර වේලට එක් කර ගැනීම මඟින් ලේ පිරිසිදු වෙනවා. ඒ මඟින් සම වඩා පැහැපත් වෙනවා.
නෙල්ලි ප්‍රමාණයෙන් පුංචි පළතුරක් වුණත්, එහි ඖෂධීය සහ පෝෂණීය ගුණ රැසක් තිබෙනවා. නෙල්ලි වලින් රෝගාබාධ රැසක් සුව කරන්න පුළුවන් වගේම, කෙනෙක්ගේ රූපය ලස්සන කරන්නත් යොදා ගන්න පුළුවන්. නෙල්ලි කියන්නේ පහසුවෙන් සොයා ගත හැකි පළතුරක් නිසා ඔබට මේ රූපලාවන්‍ය ක්‍රම නිවසේදීම අත් හදා බලන්න පුළුවන්.
පලතුරු අතර විටමින් C බහුලම පලතුර නෙල්ලියි. ඊට අමතරව මෙහි හොඳ ප්‍රතිඔක්සිකාරක ගුණයක් තිබෙනවා. මේ නිසා නෙල්ලි වල මිනිසා වයස්ගත වීම වැලැක්වීමට අපුරු හැකියාවක් තිබෙනවා. වයස්ගතවීම කියන්නේ ඔක්සිකාරක ක්‍රියාවලියක්. ඉතින් නෙල්ලි වල තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණයට වයස්ගත වීම වලක්වන්න පුළුවන්. දිනකට නෙල්ලි ගෙඩි 5ක්වත් ආහාරයට ගැනීමෙන් මේ ප්‍රතිලාභය ඔබට අත් කර ගන්න පුළුවන්.
ඉස්සොරි සුව කිරීමේ හැකියාවකුත් මේ නෙල්ලි වලට තියෙනවා. ඉස්සොරි ඇති අය නෙල්ලි, මුන් ඇට අඹරා තැඹිලි වතුර මිශ්‍ර කර හිසේ ගල්වන්න. පැය භාගයකට පමණ පසු ස්නානය කරන්න.
නෙල්ලි යුෂ සහ දෙහි යුෂ මිශ්‍ර කර රාතියේදී හිසේ ගල්වා සම්බාහනය කිරීම මඟින් හිස කෙස් අග පැලීම, අකලට හිස කෙස් පැලීම නැති කරනවා. එමඟින් උකුණන් සහ ඉස්සොරි නැති කර ගන්නත් පුළුවන්. හිස කෙස් වැඩීම වේගවත් කර, නිරෝගී කෙස් කළඹක් ලබා දෙනවා.
ස්නානයේදී නෙල්ලි,අරළු, බුළු සහ කී කිරිඳිය යුෂ එකට මිශ්‍ර හිසේ ගැල්වීම මඟින් හිස කෙස් වැටීම පාලනය කර ගන්න පුළුවන්.
අකලට හිස කෙස් පැසීම වැලැක්වීම සඳහා අමු නෙල්ලි තැම්බූ ජලයෙන් හිස සෝදන්න. පසුව ෂැම්පු භාවිතා නොකර, ඇල් ජලයෙන් නැවත හිස සෝදා ගන්න. නෙල්ලි, කෝමාරිකා, උළුහාල් සහ දෙහි ගැට තම්බා ගත් ජලයෙන් හිස සේදීම කරන්න හොඳ විසඳුමක්. නෙල්ලි ගෙඩි කිහිපයක් අරගෙන කැබලි කර, අවුවේ වියලා පොල් තෙල් සමඟ රත් කරන්න. මෙය දිනපතා ගා හොඳින් හිස සම්භාහනය කරන්න. අකලට සුදු වූ කෙස් නැවත කළු කර ගැනීම සඳහා ඩයි වර්ගයක් සකසා ගන්නත් නෙල්ලි භාවිතා කරනවා. නෙල්ලි ගෙඩි 6කුත්, අරළු ගෙඩි 5කුත්, බුළු ගෙඩි භාගයකුත්, අඹ ඇට මද 7කුත් එකට අඹරා එක් රැයක් වසා තබන්න. පසු දින හිස කෙස් වල ආලේප කරන්න. රසායනික වර්ණක වල මෙන් විෂ, මෙම වර්ණකයේ අඩංගු නොවීම මෙහි ඇති ප්‍රධානතම වාසියයි.
හිස කෙස් වලට පෝෂණය ලබා ගැනීම සඳහා නෙල්ලි භාවිතා කරමින් හොඳ තෙල් වර්ගයක් සකසා ගන්නත් පුළුවන්. පිරිසිඳු පොල් තෙල් බෝතල් භාගයකට නෙල්ලි, ගොටුකොළ, මුකුණුවැන්න ආදිය දමා රත් කර ගැනීමෙන් මේ ඖෂධීය තෙල් වර්ගය සකසා ගන්න පුළුවන්.
සුන්දර දෑසක් තියෙනකොට මුහුණක් ගොඩක් ලස්සනයි. ඒත් සමහරුන්ගේ ඇස් විවිධ හේතු නිසා රතු වෙනවා. මේ ඇස් රතු වීම සඳහා නෙල්ලි සහ මුන් ඇට තම්බා පානය කරන්න.
දත් රෝග සහ විදුරු මස් ආශ්රිත රෝග සුව කර ගැනීම සඳහා නෙල්ලි තැම්බූ වතුරින් කට සෝදන්න. දත් මුල් වලින් ලේ ගැලීම වැලැක්වීමට නෙල්ලි ආහාරයට ගන්න.
චර්ම රෝග සුව කරගෙන, නිරෝගී සමක් හිමි කර ගැනීම සඳහා නෙල්ලි සහ කොහොඹ පොතු වේලා, කුඩු කර ආලේප කරන්න.
උණුසුම වැඩි කාලගුණයේදී සමේ දහඩිය බිබිලි දැමීම සම අවලස්සන කරනවා. මීට අමතරව ඒවා කැඩී යෑමෙන් සම අවපැහැ ගැන්වෙනවා. මේවා සුව කර ගැනීම සඳහා නෙල්ලි සහ රසකිඳ තැම්බූ ජලය රාත්‍රියට පානය කරන්න. සමේ දහඩිය බිබිලි සහ කැසීම් ඇති විට නෙල්ලි, නෙල්ලි කොළ, නිදි කුම්බා කොළ සහ බේත් අනෝදා කොළ තැම්බූ වතුරෙන් ඇඟ සෝදන්න.
කොහොඹ ශාකයේ පවතින ‘ජෙඩුනීන්’ නැමැති රසායනික සංයෝගය පිළිකා පියවි සෛල (Cancer Stem Cells) විනාශ කරන බව ලොව ප්‍රථම වතාවට සොයාගත් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණික ආයතනය කියනවා. ඖෂධ ගබඩාව ලෙස ජන වහරේ හඳුන්වන කොහොඹ ශාකය අපරිමිත ඖෂධීය ගුණයෙන් යුක්ත වන අතර එහි අඩංගු පිළිකා නාශක හැකියාව ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි දියුණු විද්‍යාත්මක පර්යේෂණක් තුළින් සනාථ කිරීමට හැකිවූ බව විද්‍යාඥයෝ පවසනවා. නමුත් පුරාණයේ ඍෂිවරු විද්‍යාඥයෝ අභිබවා යනවා.
කොහොඹ කියන්නේ අතීතයේ ඉඳලම අපේ ආයුර්වේද වෙදකමට නැතුවම බැරි ඖෂධයක්. විෂබීජ නාශකයක්. ගමේ නම් ඉතින් කොහොඹ පැළයක් නැති ගෙදරක් හොයාගන්න බැරි තරම්. ඒ තරමට කොහොඹ කියන දේ අපිට ප්‍රයෝජනවත්. කොහොඹ වලින් බොහොමයක් ලෙඩ රෝග වලට බෙහෙත් කරන්න පුළුවන් වගේම අපේ සුන්දරත්වය වර්ධනය කර ගන්නත් භාවිතා කරන්න පුලුවන්. බලන්නකෝ මේ දේවල් ගැන මීට කලින් දැනගෙන හිටියද කියලා.
කුරුලෑ නැති කරන්න කොහොඹ වලට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්, ප්රතිබැක්ටීරියා කාරක, ප්‍රතිදිලීර ගුණය කොහොඹ වලට තියෙනවා. ඒ නිසා සම පිරිසුදු කරන්නත් සෞඛ්‍ය සම්පන්නව තබන්නත් කොහොඹ වලට පුළුවන්. කොහොඹ කොළ ටිකක් උණු වතුරට එකතු කරලා විනාඩි දෙක තුනක් තියලා පස්සේ ඒ කොළ අඹරලා පේස්ට් එකක් විදිහට හදාගන්න. ඊට පස්සේ හොඳින් පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි විස්සක් තිහක් තියෙද්දි ඒක වියලෙනවා. ඊට පස්සේ මද උණුසුම් වතුරින් සෝදලා ඉවත් කරන්න. දවස් දෙක තුනක් වත් කරනවා නම් වඩා හොඳයි.
පැහැපත් වෙන්න ක්‍රීම් වර්ග අවශ්‍යම නැහැ, කුණු දූවිලි සහ නුසුදුසු ආලේපන වර්ග නිසා සමේ සුදුසු බව සැඟවිලා ගිහින් තියෙන අයට කොහොඹ හොඳ විසඳුමක්. කොහොඹ කොළ ටිකක් කලින් කියූ විදියට පේස්ට් එකක් විදියට හදාගෙන ඒකට කහ හැන්දකුත් එකතු කරන්න. හැබැයි කඩේ තියන කහ නං නෙමේයි. ගෙදරදිම හදාගන්න අත් වෙන්නත් ඕනේ. ඊට පස්සෙ ඒකටම තව මී පැණි බින්දු දෙක තුනකුත් එකතු කරලා මුහුණේ ආලේප කරන්න විනාඩි විස්සක් විතර තියෙන්න දීලා ඊට පස්සේ හිමිහිට සම්භාහනය කරන්න. මතක තියාගන්න සම්භාහනය කරන්න ඕනේ උඩු අතට. එහෙම නැත්නම් සම එල්ලා වැටෙන්න පුළුවන්.
කොහොඹ වලින් කලු ලප ඉවත් කරගන්න පුළුවන්, කලු ලප කියන්නෙත් අපේ ගොඩක් තරුණ තරුණයන්ට ඉන්න කරදර කාරයෙක්. මේකට හොඳම විසඳුම තමයි කොහොඹ තෙල් බින්දු දෙක තුනක් වතුර බින්දු දෙක තුනක් එක්ක එකතු කරලා ලප කැළැල් ඇති ස්ථානවල ආලේප කරලා විනාඩි 20ක් විතර ඉඳලා සෝදා ඉවත් කරන එක. දිගටම මේ සත්කාරය කරන්න පුළුවන් නම් ලප ඇති වෙන එකත් නවත්තන්න පුළුවන්.
කොහොඹ වලින් ආසාදන, දද කුෂ්ඨ වලට සාර්ථක ප්‍රතිකාර කරන්න පුළුවන්, පොඩි කාලේදී කකුල් වල තුවාල හැදුනම කොහොඹ කොළ තම්බපු වතුරෙන් කකුල් හේදුවා මතකද දන්නේ නෑ. විවිධ ආසාදන නිසා සම මත ඇති වන දද කුෂ්ට වලට ප්‍රතිකාර කරන්න කොහොඹ නැතුවම බෑ. වතුර කෝප්ප දෙක තුනකට කොහොඹ කොළ ටිකක් දාලා හොඳින් උතුරවාගෙන ඒ වතුරෙන් දද, තුවාල සෝදන්න. සතියක් විතර යද්දී සුව වෙන හැටි බලන්නකෝ.
වසාවාසි සාදික්කා මදය ආවරණයවන කවචය වටා ආවරණයක් සේ පවතී.මේවා පැහැයෙන් රතු පැහැතිය.මෙම වසාවාසිද කුළුබඩුවක් ලෙස ආහාර රසවත්කරගැනීමට යොදාගත හැකිය.වෙන්කරගත් වසාවාසි අව්වේ හෝ උදුනක දාමා වියලීමෙන් පසුව මෙම වසාවාසිවල පැහැය අවපැහැයකට හැරේ.එසේම නම්‍යශීලීබව නැතිවී යයි.බරින් අඩුවේ.
කුළුබඩු ලෙස ප්‍රයෝජනයට ගනු ලබන්නේ ගෙඩියේ ඇටය ආවරණය වූ කොටස වියලිමෙනි (වසාවාසි)
ගුණ - සැහැල්ලුයි , උෂ්ණයි , තිත්තයි, ආහාර රුචිය ඇතිකරයි , බඩගිනි වඩයි, මලබද්දය ඇතිකරයි ,සෙම වාතය නැතිකරයි, පීනස හා හර්ධ රෝග නැති කරයි, කටහඬ වඩවයි, මුවේ විරස බව නැතිකරයි, මලවල දුගඳ හා මලවල වූ කලුපාට බව නැතිකරයි. පණුවන් , වමනය, වියලීම නැතිකරයි.
ඉරමුසු සූදුරු එක්කර තම්බා මඳ රස්නයෙන් පානය කිරීම ශරීරයේ උෂ්ණාධික බව ( විශේෂයන් කාන්තාවන්ගේ ශරීරයන්හි උෂ්ණාධික බව නිසා දරු උපත් හීන වීම සිදුවේ ) අඩු වීමට ඉතා යෝග්‍ය වේ. මුත්‍රා රෝග, ගල්, ලේ පිරිසිදු වීමට, රුධිරය අඩු බවට, මුත්‍රා දැවිල්ල, බඩවැල් වල හා ආමාශයේ තුවාල, ඇඟ කැසීම, සෙම, ආහාර අරුචිය වැනි බොහෝ රෝග සඳහා ද ඉරමුසු පානය ගුණදායක වේ.
ඉරමුසු බොහෝ රෝග සුව කර ගැනීමේ හැකියාව ඇත. එහිදී අපස්මාරය, ස්වසන ආබාධ, උපදංශ රෝග, ඇස් රෝග, වාත රෝ, රත් පිත් රෝග සහ මී විෂ නිසා වැළඳුණු රෝග වලට ඉක්මන් සුවය ලබා දෙයි.
ඉරමුසුවලට හොඳින් මළ පිට කරයි. ත්‍රිදෝෂ ශාමකයි. මධුර රස හා ස්නිග්ධ ගුණ නිසා වාතය ද, ශීත වීර්ය නිසා පිත ද, තිත්ත රසය නිසා සෙම ද සන්සිඳුවයි. ලේ පිරිසුදු කිරීමේ ගුණය ඇති බැවින් කිරි දෙන මවුවරුන්ට සහ දියවැඩියා රෝගීන්ට හිතකරයි. ඉදිමුම හා දාහය නැති කරයි. බඩගිනි වඩයි. ආහාර දිරවයි.
දැවිල්ල සහිත තුවාල සේදීමට ඉරමුසු මුල් තම්බා ගත් වතුර ප්‍රයෝජනයට ගනී. මෙය ඉතා හොඳ බෙහෙතකි. ඉරමුසු මුල් ඇල්දියෙන් අඹරා සාදාගත් ලේපය, ශරීරයේ දැවිල්ල සහිත ඉදිමුමට ආලේප කිරීම සුදුසුය. ඉරමුසු මුල් කෂාය ගිතෙල් සමඟ පෙවීම මී විසට යෝග්‍ය වේ.
ඉරමුසු මුල් තම්බා ගත් වතුර බීමට දීම කුෂ්ඨ අවස්ථාවට කරන අත් බෙහෙතකි. මුත්‍ර දැවිල්ල, වේදනා සහිතව මුත්‍ර පිටවීම, මුත්‍ර වරින් වර පිටවීමට වියළි ඉරමුසු මුල් තම්බා බීමට දීම හොඳයි. මේවා ඉරමුසු ආධාරකරගෙන කරන අත් බෙහෙත් ය.
හිසකෙස් වර්ධන වේගවත් කිරීමේ ගුණයක් ඇත.
බුළු ඖෂධය මගින් ශරීරයේ ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රාණවත් කරයි. ඇස්, කන්, නාස යන ඉන්ද්රියයන්ගේ පවතින දුබලතා නැති කරයි. මුඛයේ දත් මුල් දියවීම මගහරවා විදුරු මස් ශක්තිමත් කරයි.
තර බාරුව මට්ටු කරන අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, අපගේ ශරීරයේ ඇතිවන ලෙඩ රෝග හරි අඩකටත් වඩා ප්‍රධාන වශයෙන්ම බලපාන හේතුවක් තමයි අධික තරබාරුව. තරබාරුව නිසා අධි රුධිර පීඩනය, දිය වැඩියාව, හන්දිපත් වේදනාව, පිළිකා රෝග ඇතිවීමට ශරීරයේ දොර කවුළු විවර වෙනවා. ඒ හින්ද, හුඟ දෙනෙක් මේ තරබාරුව අඩුකර ගන්න නොයෙකුත් ඖෂධ වර්ග පානය කරනවා. ව්‍යායාමවල යෙදෙනවා. ආහාරපාන ගැනීම පාලනය කරනවා. ඒ ඉතාම හොඳ දෙයක්.
අතීතයේදී මහා සෘෂි වෛද්‍යවරු තරබාරුව පාලනය කරන්න දුන්න දිව්‍ය ඖෂධයක් තමයි අරලු, බුළු, නෙල්ලි, රසකිඳ යන සිව් ඖෂධ වර්ගවලින් සකස් කර පානය හෝ කල්කය. මෙම ඖෂධවල තියෙන ගුණ නිසා තරබාරුව අඩුවීම පමණක් නෙමෙයි ශරීරයේ ප්රතිශක්තියද වර්ධනය වෙනවා. ශරීර අවයව ශක්තිමත් වෙනවා. සම පැහැපත් වෙනවා. කොටින්ම කියනවා නම් නීරෝගී පුද්ගලයකු ලෙස ජීවත් වීමේ වරම් ලැබෙනවා.
මේ පිළිබඳව සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර තිබෙන්නේ මෙහෙමයි.
හන්දිරාරි හන්දිරාරි කුසිනාරි හර නාරි දොස්ති, දෝස්ති පංෙච්න්ද්‍රිය භාගා, රෝග පීඩා ත්රිරෝස භාගා, සත්තම මනුස්සා සුඛා හෝති
මෙයින් පවසන්නේ ශරීරය දිරාපත් නොවී පවත්වාගෙන යැමට, ජීවිතය ප්‍රාණවත්ව පවත්වා ගැනීමට වාත පිත්ත, සෙම් රෝග දුරු කර ගැනීමට ප්‍රිය මනාප බවින් යුක්තව දිවි ගෙවීමට පියවර ගත යුතු බවය.
අරළු, සෘෂි නාඩි වෙදකමෙහි ඉතා වටිනා ඖෂධයක් ලෙස අරළු හඳුන්වනු ලබයි. රවුම් හැඩැති දිග සහ බෝල හැඩැති ලෙසින් අරළු වර්ග තුනක් ඇත. අරළුවල ඇති ප්‍රධානතම ගුණය වන්නේ ගුධ ඉන්ද්රිය ප්‍රාණවත් කිරීමය. බඩ එළිය යැම පහසු කරයි. සමේ වියළි බව නැති කර සම පැහැපත් කරයි.
බුළු ඖෂධය මගින් ශරීරයේ ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රාණවත් කරයි. ඇස්, කන්, නාස යන ඉන්ද්රියයන්ගේ පවතින දුබලතා නැති කරයි. මුඛයේ දත් මුල් දියවීම මගහරවා විදුරු මස් ශක්තිමත් කරයි.
නෙල්ලි යනු රස හතරකින් යුත් ශරීරයට ඉතා ගුණදෙන ඖෂධයකි. තිත්ත රස, ඇඹුල් රස, කහට රස සහ පැණි රස යන ප්‍රධාන රස හතර නෙල්ලි ගෙඩියේ ඇති නිසා නෙල්ලි ශරීරයේ රෝග රැසකට ගුණදායකය. බඩේ රුදාව නැති කිරීමට, ආමාශයේ හටගන්නා අම්ල පිත්ත දෝෂ දුරු කිරීමට, ශරීරයේ හටගන්නා විෂ නැසීමට, සෙම් රෝග දුරු කිරීමට, උෂ්ණ රෝග සමනයට නෙල්ලිවල ඇති ඖෂධ ගුණය මහෝපකාරී වේ.
රසකිඳ, හීන් වැල් සහ ගොරෝසුවැල් ලෙසින් වැවෙන රසකිඳවල ඖෂධීය ගුණය බහුලව ඇත්තේ ගොරෝසු වැල්හිය. සෙම නසන, පිත නසන, ශරීරය ප්‍රාණවත් කරන ගුණ සහිත රස කිඳ ශරීරයට ගුණදෙන ඖෂධයකි.
ඖෂධීය පානය සකසා ගැනීමට, අරළු, බුලු, නෙල්ලි සහ රසකිඳ සමව ගෙන පිරිසිදු ජලය කෝප්ප හතරක් දමා එය එක් කෝප්පයක් දක්වා හිඳගෙන උදෑසනම පානය කිරීම ගුණදායකය. මැටි භාජනයක මෙය තම්බා ගැනීම කළ යුතුය.
ශ්‍රි ලංකාවේ බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශ වල ඉතා සුලබ එසේම ඖෂධීය වටිනාකමෙන් අනූන වු අන් කිසිදු ඖෂධීය ශාකයකට දෙවැනි නොවනා ඖෂධීය වටිනාකමක් ඇති ශාකය කුමක්දැයි රටේ විවිධ ප්‍රදේශ වලින් අහඹු ලෙස තෝරා ගත් වැඩිහිටියන් කිහිපදෙනෙකුගෙන් විමසුවහොත් ඔවුන් අනිවාර්යයෙන්ම පිළිතුරු ලෙස පවසනු ඇත්තේ පාවට්ටා, ආඩතෝඩා, අගල්ලාදාර, වංඇපල වැනි නාමයන්ය. ඇත්ත වශයෙන්ම ඉහත පිළිතුරු කිහිපය අතරින් නිවැරදිම පිළිතුර කුමක්ද? නිවැරදිම පිළිතුර නම් ඉහත පිළිතුරු සියල්ලම නිවැරදිය යන්නයි. ප්‍රාදේශිය වශයෙන් විවිධ නාමයන් භාවිතා කලද ඉහත සියළුම නාමයන්ගෙන් හදුන්වන්නේ එකම ඖෂධීය ශාකයකි. ආයුර්වේදය තුල වාසා, වාසක, වාසිකා, සිංහමුඛී, සිංහාස්‍යා, වෘෂා, වෛද්‍ය මාතා යන පර්යාය නාමයන්ගෙන් හදුන්වන මෙම ශාකය මෙතරම් වැදගත් වන්නේ ඇයි?
යම් ඖෂධීය ශාකයක පංචාංගයම (කොළ, පොතු, මුල්, මල්, නැටි) ඖෂධ යෝගයන් සදහා භාවිතා කරන අවස්ථාවන් ආයුර්වේදය තුල හමුවන්නේ විරල වශයෙනි. වාසා නැතහොත් පාවට්ටා එසේ පංචාංගයම ප්‍රයෝජනයට ගන්නා විරල ඖෂධීය ශාකයන් අතුරෙන් සුලභවම සොයා ගත හැකි ඖෂධීය ශාකයක් වේ. ත්‍රිදෝෂ ජනිත විවිධ රෝගාවස්ථාවන්‍ට ප්‍රතිකාර කිරීමේදි මෙම ශාකයේ විවිධ කොටස් විවිධ අකාරයන්ගෙන් ප්‍රයෝජනයට ගැනේ. පාවට්ටා යොදා ගන්නා විවිධ ඖෂධ යොගයන් ගැන සාකච්ඡාවට ප්‍රථමයෙන් මෙම ශාකය ගැන තොරතුරු සොයා බැලීම අත්‍යාවශ්‍ය වේ.
පත්‍ර ගන්න විට සෑම විටම ගත යුත්තේ ගහේ වැඩෙන නැවුම් පත්‍රයි. සමහර අවස්ථාවල නැවුම් පත්‍ර අරගෙන මද අව්වේ වියළිමෙනුත් ඔෟෂධ සාදන අවස්ථා තිබෙනවා. දේශීය චිකිත්සාවේ දැක්වෙන බොහෝ ඔෟෂධ භාවිතයේදී අනුපාතයක් ලෙස ආඩතෝඩ ඔසුව බහුල වශයෙන් භාවිත කරනවා. අංශභාගය රෝගයට දෙන මහ දලු අනුපාතය සාදන්නත් ආඩතෝඩ කොළ යොදා ගන්නවා. දෙහි, ෙදාඩම්, නික සහ පාවට්ටා දලු සමව අරගෙන පොට්ටනියක් බැඳ වණ්ඩුවේ තම්බා ඉස්ම ගන්නව නම් ඒ ඔෟෂධය අංශභාග රෝගීන්ට සුවයට ඉතාම ගුණයි. අංශභාග රෝගයට භාවිත කරන හෙළ ඔෟෂධ සමඟ මේ දලු අනුපාතයක් ගැනීම වැදගත්.
ඒ වගේම සෙම් රෝග (ඇදුම, කැස්ස, පෙණහලු ආශ්රිත ඕනෑම රෝගයකට) ආඩතෝඩ සාමාන්‍යයෙන් පෙණහලු ආශ්රිත රෝග සුවයට තමයි ඉතාම වැදගත් වෙන්නේ. ආඩතෝඩ මල් කැකුළු අරගෙන මඳක් වියළා උණ වතුරට මිශ්‍ර කර බොනව නම් පෙණහලු ආශ්රිත සෑම රෝගයකටම එය හොඳ ඔෟෂධීය පානයක්. අධික සෙම නැති කරන්නත්, කැස්ස, ඇදුම, උගුර වේදනාව නැති කරන්නත් මේ පානය ඉතා ගුණදායකයි. ආඩතෝඩ කියන්නේ කාස හාර (කැස්ස නැති කරනා) ද්‍රව්‍යයක්. ඒ වගේම ස්වාසහාර (පෙණහලු රෝග නැති කරන) ද්‍රව්‍යයක්. වෙළෙඳපොළේ පවා ගන්න පුළුවන්. 'වායාවලේහය' ඔෟෂධයටත් ආඩතෝඩ බහුල වශයෙන් භාවිත කරනවා. ඒ ඔෟෂධය කැස්ස, පීනස, සෙම වගේ පෙණහලු ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයකටම ගුණයි. ඇත්තටම වායාවලේහය කල්කයක් කීවට තිත්ත කල්කයක් නෙමෙයි. ඉතා රසවත් ගුණවත් කල්කයක්.
ඒ වගේම කුෂ්ඨ රෝගීන්ට ආඩතෝඩ කොළ කෂාය දිනපතා බීමට දෙනව නම් කුෂ්ඨ රෝගය ක්‍රමක්‍රමයෙන් සුව වීමටත් එය බලපානවා. ඒ වගේම උෂ්ණ කාලවලදී අධික ලෙස දහදිය දැමීම, දහදිය බිබිළි හට ගැනීමේ අවදානම නැති කිරීමටත් මේ ආඩතෝඩ කොළ කෂාය ගුණදායකයි. ආඩතෝඩ කොළ දැමූ මුට්ටියකට වතුර පත අටක් දමා එය පත එකට සඳුවා හොඳින් පෙරා උදේ සවස පත භාගය බැගින් උක් හකුරු සමඟ පානය කිරීම පමණයි ඔබ කළ යුත්තේ. පෙර කී සෑම රෝගයක්ම සුව කරන්න එය ගුණදායක කෂායක්. ඒ වගේම මුත්‍ර දැවිල්ල, මුත්‍රා අඩස්සිය, මුත්‍ර ගල් වැනි රෝග අවස්ථාවලදී ආඩතෝඩ ගහේ පංචාංගයම අරගෙන (මුල්, මල්, පොතු, කොළ, නැටි) හොඳින් කශායක් හදා දිනපතා උදේ සවස පත භාගය බැඟින් දින හතක් පමණ බොන්න. සෑම මුත්‍රා රෝගයකටම එය ගුණදායකයි.
ඒ විතරක් නෙමෙයි රුධිරය පිටවන අතීසාර විට, මල බුරුලෙන් පිටවන රෝග අවස්ථාවක් ආවිට ආඩතෝඩ ඔසුවෙන් අගනා ඔෟෂධයක් සාදා ගන්න ඔබට පුළුවන්. එහි නම 'වාසා පුටපාක' ලෙසයි හඳුන්වන්නේ. ආඩතෝඩා පංචාංගයම අරගෙන හොඳින් කොටා ඒ මිශ්‍රණය කෙසෙල් කොළේක ඔතා ඒ මතුපිට මැටි ආලේප කරන්න. ඉන් පසුව හොඳින් අව්වේ වියළාගෙන උණු අළු පල්ලේ එය හොඳින් තම්බන්න. මැටි පිලිස්සී රන්වන් පැහැය ආ විට මැටි සහ කෙසෙල් කොළය ඉවත්කර අර ද්‍රාවණය හොඳින් මිරිකා යුෂ පෙරා කුඩා බෝතලයකට ඒ යුෂ එක් කර ගන්න. ඉන්පසු වරකට ඒ යුෂ තේ හැඳි 2ක් බැගින් දිනපතා උදේ සවස ඒ ඔෟෂධීය යුෂ පානය කරන්න. අතීසාරය, මල බුරුලෙන් යෑම වැනි රෝග සුවයට වගේම කැස්ස, ඇදුම ආදී ශ්වසනාබාධ සුව කරන්නත් මේ වාසා පුටපාක ඔෟෂධය ඉතාම ගුණදායකයි.
ආයුර්වේදයේ ඉපැරැණි ග්රන්ථයක් වන චරක සංහිතාවේ මෙය තිත්ත රසින් යුත් ඔෟෂධයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. තිත්ත රස වුණත් මේ ඔෟෂධය ඇත්තටම ජීවිතයට නව රසක් ලබා දෙන දිව්‍යමය ඔෟෂධයක්. ඇතැම් විට අර්ශස් රෝගය වැඩිවීම නිසා අර්ශස් ගෙඩි පවා හට ගැනීමෙන් ඇතැම් අය පීඩාවට පත්ව සිටිනවා. එවන් රෝගීන් පාවට්ටා කොළ කොටා වණ්ඩුවේ තම්බා අර්ශස් ගෙඩිවල තවන්න. දිනපතා මෙලෙස තැවීම කළොත් අර්ශස් ගෙඩි නැතිවෙලා යනවා. පාවට්ටා හෙවත් ආඩතෝඩ කියන්නේ අපේ සිංහල දේශීය වෛද්‍ය ක්රමයේ අගනා ඔෟෂධයක් වගේම, මුස්ලිම් 'යුනානි' වෛද්‍ය ක්‍රමයේත් සිද්ධ වෛද්‍ය ක්‍රමයේත් භාවිත කරන හොඳ ඔෟෂධයක්. යුනානි වෛද්‍ය ක්රමයේ 'ශබතේ සෝල්' නමැති ඔෟෂධයේත් පාවට්ටා අන්තර්ගතයි. එය වෙළෙඳපොළේ ශ්වසන රෝග සඳහා පවතින හොඳ ඔෟෂධීය පැණියක්.
හෙළ වෛද්‍ය ක්‍රමයේත්, යුනානි වෛද්‍ය ක්‍රමයේත්, සිද්ධ වෛද්‍ය ක්‍රමයේත් පාවට්ටා ප්‍රධාන ලෙසම භාවිත කරන්නේ ශ්වසන රෝග සුවයට. ඊට අමතරව ශරීරයේ රුධිරය පිටවන අර්ශස්වලදී නාසයෙන් රුධිරය ගැලීමේදී එම රුධිරය පිටවීමේ අවදානම නැති කරන්නත් පාවට්ටා ආශ්‍රිතව ඔෟෂධ සකස් කරනවා.
ඔබ කල් ගතවූ කැස්සෙන් පීඩා විඳිනව නම් ආඩතෝඩ කොළ ඉස්ම අරගෙන එයට ඉඟුරු ඉස්ම සහ මී පැණි මිශ්‍ර කර බීමට ගන්න. වරකට තේ හැඳි දෙක බැඟින් දිනපතා උදේ සවස දින අටක් පමණ මේ ඔෟෂධීය පානය බොන්න. කල් ගතවූ කැස්ස ඉක්මනින් සුවතට හැරේවි. පාවට්ටා කොළ මඳ අවුවේ වියළාගෙන හොඳින් කුඩුකර (තේ කොළ වගේ) ඒ කුඩු දුම් කබලකට දමා නගින දුම ඇදුම රෝගීන්ට ආඝ්‍රාණය කිරීමට සලස්වන්න. ඇදුම රෝගය ඉක්මනින්ම සුව වේවි.
හන්දිපත් ඉදිමීම, තුනටිය අමාරුව, සන්ධි වේදනා ආදී රෝගවලදී ආඩතෝඩ කොළ හොඳින් අඹරා ඒ ආලේපය හන්දි වේදනාවල, තුනටියේ වේදනා සහිත ස්ථානයේ ආලේප කරන්න. පාවට්ටවල පවතින ඔෟෂධීය රසායනික සංඝටක නිසා කිහිප විටක් ආලේප කිරීමේදී හන්දි වේදනා කැක්කුම් නැති වෙලා යනවා. වාත වේදනාවලදී පාවට්ටා කොළ කොටා පොට්ටනියෙ තම්බා මඳ රස්නය පිට තැවීමෙන් වාත රෝග නිවාරණය කර ගන්නත් ඔබට පුළුවන්. ඒ වගේම නික කොළ, පාවට්ටා කොළ, ඉඟුරු, සුදු ලුණු සහ කොට්ට පොල් සමව අරගෙන හොඳින් කොටා පොට්ටනි බැඳ දිනපතා දින හතක් ශරීරය තැව්වොත් ඔබට සියලුම ඇඟේ පතේ වේදනාවලින් මිදෙන්න පුළුවන්. ඒ වගේම ඇදුම රෝගීන්ට පාවට්ට කොළ ඉස්ම අරගෙන, සූදුරු, ඉඟුරු සහ රතු ලූණු යුෂ මිශ්‍රකර හොඳින් ළිපේ කකාරන්න. ඉන් පසු පැණි පදමට ආ පසුව ළිපෙන් බා නිවුනට පස්සෙ බෝතලයකට දමා දිනපතා උදේ සවස තේ හැඳි දෙක බැඟින් පානය කරන්න. මෙය කල්තබා ගතහැකි ඔෟෂධයක්. ඇදුම රෝගයට තිත තබන්නත් පුළුවන් ඔෟෂධීය පානයක්.
ඩෙංගු වැනි වෙයිරස් ආසාදිත රෝගයකදී රුධිරයේ පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවා. එය ජීවිත අවධානම පවා ඇති කරවන්නක්. එවන් රෝගීන් පාවට්ටා කොළ ඉස්ම මී පැණිත් සමඟ පානය කරනව නම් රුධිරයේ පට්ටිකා ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. මෙය අධික ලෙස තිත්ත රසින් සමන්විත පානයක්. මී පැණිත් සමඟ පානය කළොත් වමනය යෑම වැනි තත්ත්ව ඇති වන්නේ නැහැ.
මුත්‍රා ආසාදන නිසාවෙන් හෝ මුත්‍රා ගල් ඇතිවීම නිසා ඉහිලිය නොහැකි උදරාබාධ ඇතිවීමේ අවදානමක් පවතිනවා. එවන් රෝගයකදී පාවට්ටා කොළ හොඳින් කොටා ඒ ද්‍රාවණය උදරයේ වේදනාව සහිත ස්ථානයේ ආලේප කරන්න. දිනපතා උදේ සවස මේ ආලේපය ගා පැයකට පමණ පසුව සෝදා හරින්න. මෙය දින කිහිපයක් ඵඑක දිගට කරන්න. බඩේ ගල් දියකරන්න මෙය බාහිරින් කළ හැකි හොඳ ප්‍රතිකර්මයක් ඒ වගේම දැවිල්ලක් නැතිව මුත්‍රා පිට කරන්නත් මේ ප්රතිකර්මය ගුණදායකයි.
වෙලාවට ආහාර නොගැනීම නිසා අද සමාජයේ බොහෝ පිරිසකට ගැස්ට්‍රයිටිස් රෝගය වැලඳි තිබෙනවා. ඇතැම් අයගෙ ආමාශ තුවාල පවා හටගෙන ඉහිලිය නොහැකි උදරාබාධ හට ගන්නවා. එවන් රෝග අවස්ථාවකදී එය පසුව කරන්න පාවට්ටා කොළ කොටා පෙරා ගත් යුෂ පානය කිරීම ඉතා වැදගත්.
සෑම ශ්වසන ආබාධයකදීම ඔබට නිවෙසේ සිටම සාදා පානය කළ හැකි ඔෟෂධීය පැණි ආහාරයක් ගැන මම කියන්නම්. පාවට්ටා මල් යම්කිසි ප්‍රමාණයක් අරගෙන ඒවා තළා මැටි බඳුනකට දමා ගන්න. ඉන්පසු එයට සීනි ඇති පදමට මිශ්‍ර කර අවුවේ තබන්න. නිරන්තරයෙන්ම අවුවේ තබා මිශ්‍ර කරන්න. ඉන් පසු එය හොඳින් කැකෑරෙනවා. මේ ආකාරයට අඛණ්ඩව තද අවුවේ මාසයක් පමණ මේ ඔෟෂධය කැකෑරෙන්න විටින් විට අව්වේ තබන්න. එය අව්වේ තබන විට දැල් සහිත ආවරණයකින් වසා තැබීම වැදගත්. නැති නම් ගස්වල කොළ වැටෙන්න පුළුවන්. සත්තු කට ගහන්න පුළුවන්. මසක් පමණ අවුවේ කකාරවා සාදා ගත් පැණිය හො¼ද ඇසුරුමකට දමා (බෝතලයකට) සුරක්ෂිතව වසා තබන්න. වරකට මේස හැඳි එකක් දිනපතා උදේ සවස මේ ඔෟෂධීය පැණිය බොන්න සෑම ශ්වසනාබාධ අවස්ථාවකටම මේ ඔෟෂධීය පැණිය ගුණදායකයි.
ඒ වගේම ආඩතෝඩ කියන්නේ පෙණහලු රෝගයටත් සුවය සලසන ඔසුවක්. ආඩතෝඩා කොළ ස්වල්පයක් අරගෙන හොඳින් කපා එයට අරලු, මුද්දරප්පලම් ග්‍රෑම් 20 බැඟින් මිශ්‍ර කර සියල්ලම මුට්ටියකට දමා ගන්න. ඉන් පසුව එයට වතුර පත 8ක් මිශ්‍ර කර පත එකක් වනතුරු සිඳවා සීනි, මී පැණි සහ සූකිරි ස්වල්පය බැඟින් දමා උදේ සවස පත භාගය බැඟින් දින කිහිපයක් බොන්න. සෑම පෙණහලු ආශ්රිත රෝගයකටම මෙය ඉතාම ගුණදායක ඔෟෂධීය පානයක්. එය වෙළෙඳපොළේ ශ්වසන රෝග සඳහා පවතින හොඳ ඔෟෂධීය පැණියක්.
ආයුර්වේදයට අනුව මධුර රස මිදී ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩියෙන් ඇත. ඇස් වලට හිතකරයි. ශරීරයේ ශක්තිය වැඩිකරයි.කාලින රෝග සඳහා යෝග්‍යයි.පිළිකා නාශක. ගුණය ඇත. හෘද හිතකරයි.
හෘද රෝගවලින් ආරක්ෂා වෙයි. ප්‍රදාහ නාශක ගුණය ඇත.අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි. රුධිර නාලගත රෝගවලින් ආරක්ෂා කරයි.අධික රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වෙයි. එසේ වන්නේ මෙහි පොටෑසියම් බහුල වීම නිසා සෝඩියම් උරා ගැනීම අඩුවෙන් සිදුවන බැවිනි.
මිදිවල කෙඳි සහිත බව වැඩියි. ජාල ප්‍රතිශතය ද වැඩියෙන් ඇත.මේ කරුණු හේතු කොටගෙන මල බද්ධය දුරු කරයි. අසාත්මිකතාවය ඇති අයට හිතකරයි.
මධුමේහය රෝගයේදී ඇතිවන ඇස්වල දුර්වලතාවය මඟහරියි. කෙට්ටු (කෘෂ) යට හා දුර්වල ශරීර ඇති පුද්ගලයන්ට හිතකර වෙයි.
ඉඟුරු පියලි වා, පිත් සේම සහනයට ඉතා යෝග්‍යය. ඉදිමුම අඩු කිරීමට මහෝපකාරී වේ. වේදනාව සමනය කරන අතර දුගඳ නසයි. මනා කේෂ කල්‍යාණයක් පවත්වාගෙන යාමට හිතකර වේ. රුධිරය පිරිසිදු කරන ඉඟුරු පියලි කුසගිනි වඩවයි.
සුදුරු අපේ එදිනෙදා ජිවිත්යට එකතු කර ගන්න පුලුවන් නම් ගොඩක් වෑදගත්. විශේෂ්යෙන්ම අපේ උදරයේ ඈති රොගාබද සුව කිරිමට මෙම සුදුරු ගොඩක් වෑදගත් වෙනවා.එ විතරක් නොවෙයි පිළීකා වෑනී දරුණු රොග වලින් අත් මිදෙන්නත් මෙය ඉතාමත්ම වෑදගත් කුළුබඩු වර්ගයක්.
ඉදිරියට නෙරා ඇති කැත උදරය නිසා ඔබ පිඩනයට ලක්වෙනවාද? ගොඩක් අය මේකට එක එක ක්‍රම භාවිත කරනවා,විවිධ වර්ගයේ තේ පානයන්,ටැබ්ලට් වර්ගයන් භාවිත කරනවා,ඒ වගේම තමයි ජිම් එකටත් යනවා,ව්‍යායාම කරලා නම් උදරය අඩු කරගන්න ගොඩක් මහන්සි වෙන්න ඕනෑ, මහන්සියකින් තොරව ඔබගේ උදරයේ මහත අඩු කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සුදුරු පානයට ගැනීම හෝ ආහාරයට ගැනීම.
සාහිත්‍යයේ සඳහන් වෙන ලෙස. ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් ගිලුහුණු විෂ්ණුගේ උයනෙහි රෝපණයවූ අගනා ඖෂධයකි.
"භවතේ ජාතා හරිතක්ය ස්වභාමනඃ හරිති සර්වරෝතෝද්ර තේනප්රොන්නාහරීතකී"
විෂ්ණු දෙවිඳුන්ගේ උයනෙහි උපන් නිසාත් කහපාට වර්ණයෙන් යුක්තවූ නිසාත් "අරළු" යෑයි නමින් ප්‍රකාශ කරනු ලැබේ.
සුර අසුර යුද්ධයේදී කිරි මුහුද කළඹා සොයාගත් අමෘතය සක්දෙවිඳුන් පානය කරමින් සිටින අවස්ථාවේ ඉන් බින්දු හතක් කිරි මුහුදට නොවැටී මිහිකත මත පතිත වූයේ සුළු වැරැද්දකිනි. මෙයින් මහත් කම්පාවට පත් ශක්රදේවේන්ද්රයා ප්‍රාර්ථනාවක් කළේය.
මාගේ පානයට පමණක් ඇති මේ අමෘතය පොළොවට වැටී විනාශ විය. නමුත් එය මිනිසාගේ ප්‍රයෝජනය සඳහාම පවතීවායි පැවසූ නිසා එම බිංදු හතෙන් පහළ වූ අරළු වර්ග හත භාවිතා විය.
අරළු ගුණයෙන් ලඝු, රුක්ෂ වීර්යයෙන් උෂ්ණද, විපාකයෙන් මධුරද, රසයෙන් කෂාය ද, අම්ල, කටුක, තිත්ත රසද වෙයි. ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීමට ද ධාරණ ශක්තිය වර්ධනය කිරීමටද ශරීර ෙසෙල පුනරුත්ථාපන හැකියාවද අරළු සතුව පවතී.
තවද හෘදයේ ක්‍රියාකාරීත්වය රැුකගැනීමේ හැකියාවද පවතී. ඇස් රෝග, චර්ම රෝග, අර්ශස්, හෘද රෝග, උදර රෝග, ආතරයිටිස්, පිළිකාව, මල බද්ධය, මුඛ රෝග, සුව කිරීමේ හැකියාව මෙන්ම ශරීරයේ දූෂිත වූ රුධිරය පිරිසුදු කිරීමේ හැකියාවද පවතී.
උදර විරේකයක් ලෙසද අරළු භාවිත කරයි. කෙසේ නමුත් ප්‍රථමයෙන් බඩ විරේකයක් කර අනෙකුත් රෝග සඳහා ප්‍රතිකාර කිරීම වඩාත් සුදුසුය.
හිසකෙස් ගැටලූ විසඳන සත්කාර 4ක් ඇත. හිසකෙස් දිගු කරගැනීම බොහෝ දෙනකුගේ සිහිනයක්. කාලගුණ වෙනස්වීම, වතුර නිසා ඇති වන ප්‍රශ්න වගේ බොහෝ හේතු නිසා හිසකෙස්වල ගැටලූ ඇතිවෙන්න පුළුවන්. නිතර අරළු ඖෂධ භාවිත කරනවා නම් හිසකෙස් දිගුකර ගැනීම අපහසු නැහැ.
අරළු ඇල් දියෙන් අඹරා හිස ගෑමෙන් හිස්හොරි, හිසකෙස් ගැලවීම, හිසකෙස් දුර්වර්ණ වීම නවතී.
අරළු ගෙඩි 6ක් පමණ තළා එයට පොල්තෙල් කොප්ප එකක් පමණ දමා නටන තෙක් රත් කරන්න. පසුව පෙරාගත් තෙල් හිස ගැල්වීමෙන් හිසකෙස් ගැලවී යෑම නවතී.
අරළු, ගිතෙල් ආහාරයට ගැනීමෙන් හිසකෙස් ශක්තිමත් වෙයි. ගැලවීම නවතී.
අරළු, කීකිරිඳිය යුෂ, කෝමාරිකා යුෂ සමඟ අඹරා ආලේප කිරීමෙන් හිසකෙස් පෝෂණය වෙයි.
රුව වඩන රහස් 3ක්
අද බොහෝ දෙනෙක් තම රූපය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ සඳහා විශාල වශයෙන් මුදල් වැය කිරීමද දැකගත හැකිය. ආයුර්වේදය මෙන්ම හෙළ වෙදකමෙන්ද අරළු රූපලාවණ්‍ය කටයුතු සඳහා බහුලව භාවිත කරන්න පුළුවන්. අරළුවලින් රූපලාවණ්‍ය ප්‍රතිකාරයක් කිරීමට පෙර ළය විරේකයක් කළයුතු වෙනවා.
ළය විරේකය
මඳක් වියළි අරළු ගෙඩියක් පුලූස්සා හොඳින් අඹරා සීනි සමඟ මිශ්‍ර කර රාත්‍රි කෑමට පසු ආහාරයට දීමෙන් පසු දින උදේ බඩ විරේක වෙයි. එම නිසා පසුදින හිමිදිරියේ උණුසුම් ජලය, ලූණු කැඳ වතුර පානය කිරීම සුදුසුය.
අරළු කුඩු, උක් හකුරු සමව ගෙන මී පැණි වියළි ඉඟුරු සමඟ අඹරා තිබ්බටු ගෙඩියක ප්‍රමාණය හිස්බඩ ගැනීමෙන් රුධිරය පිරිසුදු වී සම රැුලි වැටීම සහ සම අවපැහැවීම වැළැකෙයි. ශරීරය වර්ණවත් වේ. එක දිගට දින 7,14, 21 පමණ ගැනීම සෑහේ.
අරළු පලමක් ගෙන ගිතෙල්වලින් හොඳින් අඹරාගෙන එයටම මී පැණි පලමක්ද ගෙන කලවම් කර තබාගෙන සෑම දිනකම උදෑසන හිස්බඩ තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් කන්න. මාස 3ක් පමණ එක දිගට ගැනීමෙන් සම වර්ණවත් වී සමේ රෝග සුවවී ලප කැළැල් ඉවත් වෙයි පලමක් යනු – ග්‍රෑම් 100කට වැඩි ප්රමාණයකි.
වේදනාකාරී රෝග තුනකට සහනය
නිතර සෑදෙන ඉතාම වේදනා සහගත රෝග තුනකට ප්‍රතිකාර ලෙස අරළු යොදාගත හැක.
ඇඟිලිකරුවල ආසාදනයට අරළු ගෙඩියේ මාංස කොටස සහ කහ, පොල්තෙල්වලින් අඹරා රාත්‍රි නින්දට පෙර පාදයේ ඇඟිලිකරු අතර ආලේප කරන්න.
යටිපතුල් පැළීමට දෙපා මඳ රස්නය වතුරක දමා ස්වල්ප වේලාවක් තබා නැවැත ගෙන හොඳින් පිසදා අරළු කුඩු රත් කරගත් පොල්තෙල්වලින් අඹරා ආලේප කරන්න.
ලේ හීදන්ගායට
උළුහාල්, දෙළුම් ලෙලි, අරළු, නුග (බිම නොගෑවුණු නුග මුලක අග පොතු) සිවම්ගුරු, හාල්පානු වතුරින් අඹරා, තිබ්බටු ගෙඩියක පමණ ගුළියක් සාදාගන්න. නිවුණු උණු වතුරින් දවසට තුන්වරක් කෑමට පසු බොන්න. දින කිහිපයක් නොකඩවා ගන්න. මත්පැන් පානය හෝ වෙනත් හේතුවක් නිසා හටගන්නා ලේ හීදන්ගාය කොපමණ පරණ වුවද මෙම ප්‍රතිකාරයෙන් සුව වෙනවා.
අති විශේෂ ආහාරයකි.