Phone: (+94) 0714 100 750
Email: info@agra.lk
Facebook : Agra Productions

වැදගත්කම

ශ්‍රී ලංකාවේ වාහන ප්‍රමාණය ලක්ෂ 60 කට ආසන්නයි. මින් සමහර වාහන දිලිසි දිලිසි යනවා අපි දකිනවා. ඒ වාහනයකට කිට්ටු වී බැලුවහොත් ඇතුලත් පිටත් ඉතා අලංකාරව පිරිසිදුව තිබෙනවා දැක ගන්න පුළුවන්. කලට වෙලාවට ඔයිල් ( ඇන්ජිම, ගියර්, බ්රේක්, පවර්, 4 w , ඩිෆරන්සල් ) ජලය, පෙරණ (ඩීසල්, ඔයිල්) මාරුකර, පිරිසිදු කර ගෙවීයන දෑ නැවත අලුතින් දමමින් තබාගැනීමෙන් මේ තත්වය දිගුකලීනව තබාගත හැකි.

අප ඒ වාහනය ගැන සතුටුවි පෙරලා අප දෙස හැරුණු පසු, අපේ කැඩී බිදී ගිය, ගෙවීගිය දුර්වල වූ කොටස් ආවා ගියාට මාරුකළ නොහැකි අතර ඍෂිවරුන්ට අනුව අවුරුදු 3500ක පරම ආයුෂ විදිය යුතු මිනිසා ක්‍රමයෙන් අවුරුදු 50, 60 න් කෙලවර වන තත්වයට පැමිණ ඇත්තේ බාහිර පිරිසිදුකම් කලත් ශරීර අභ්‍යන්තරය ගැන සැලකිලිමත් නොවීමයි.

වාහන ඇන්ජිම බඳු හදවත, මොළය, අක්මාව, වකුගඩු, පෙනහළු, ලේ නහර, ඇස්, කන්, දත්, අස්ථි, කොටස් ඇතුළු බොහොමයක් හරියාකාරව පවත්වා ගැනීමට සෞඛ්‍ය වැදගත්. පිරිසිදු ජලය, විටමින්, ප්‍රෝටීන් , ඛනිජ ලවන, කාබෝහයිඩ්රේට්, ඇතුළු නොයෙක් විටමින් කොටස් අප ශරීර අභ්‍යන්තරයට දිනපතා යැවිය යුතු වෙනවා. නමුත්‍ අවාසනාවට අප අවශ්‍ය ප්‍රමානය අවශ්‍ය පරිදි නිවැරදිව යවන්නේ නෑ. කාර්යබහුල දිවිය ක්‍රමයෙන් රටේ ග්‍රාමීය ගති පහ වෙමින් දියුණුයි නමට කියාගත් නාගරික ගති පහල වීම තුල ආහාර සෞඛ්‍යට හිතකර වෙනුවට විනාශකාරී තත්වයක් ඇතිකර තිබෙනවා.

මේ තත්වය තුල අප ආයුෂ අඩු කරමින් රෝග වර්ධය වී අසීරුවෙන් ජීවිතකාලය තුලම සෙවූ මුදල් වේගයෙන් වියදම් කරමින් බරපතල රෝගභාධ සහනයට රෝහල් ඇදන්මත පරීක්ෂණ සියගණන් හා ශල්‍යකර්ම ගණනාවක් සමග කල් ගත කරන්නට වී සැබෑ ශරීර ක්‍රියාකාරීත්වයෙන් තොරව අර්ධ වේගයකින් සමාජයට හූල්ලනන් වී ඇත.

කලයුත්තේ අද අදම තම ශරීර අභ්‍යන්තරයට අත්‍යවශ්‍ය සියලු හිතකර ඖශධ කොටස් අවම ප්‍රමාණයෙන්වත් ඇතුලු කිරීමයි. කාර්යබහුල ජීවිතය වුවද ප්‍රීතියෙන් ගතකිරීමට ඔබේ ශරීරය අදම නිරෝගී මගට යොමු කරන්න.