Phone: (+94) 0714 100 750
Email: info@agra.lk
Facebook : Agra Productions

ප්‍රථිඵල වැඩිකර ගැනීමට

ආහාර

උදේ ආහාර වේලට ධාන්‍ය ආහාරයට ගන්න. ( කුරහන්, කඩල, මුං, කව්පි, මෑ, පරිප්පු ) සම්බෝල, දියබත් ආහාරයට ඉතා යෝග්‍ය.

දිවා ආහාරයට අවම බත් ( රතු හාල්, නාඩු හාල් ) ප්‍රමාණයකුත් වැඩි එළවලු ප්‍රමණයකුත්, පලා වර්ගත්, කුඩා මාළු විශේෂත් යොදා ගන්න. අල, බතල වර්ග පාවිච්චියේදී ප්‍රමාණාත්මකව අඩු අගයක් එකතු කර ගන්න.

රාත්‍රි ආහාරයට සුප් වර්ග ගන්න

විශේෂයෙන් හැකි සෑම විටම හොඳින් ඉදුණු නොව තරමක් ඉදුණු පළතුරු ආහාරයට ගන්න, පිරිසිදු වතුර යහමින් බොන්න.

ව්‍යයාම

දිනකට විනාඩි 30ක් -45ක් අඛණ්ඩව ඇවිදින්න, ඇවිදින වේගය අඩු වැඩි කරමින් යන්න, හොඳින් දහදිය දමන ලෙස ඇවිදීම වැදගත්, හැකිනම් පාවහන් නොමැතිව පුංචි පුංචි ගල් කැබලි මත යටිපතුල් වලට සියුම් කිතියක් දැනෙන ලෙස ඇවිදින්න.

නින්ද

අවම පැය 8ක නින්දක් ගන්න, උපරිම මහන්සියක් ගෙන හිසට තබා ගන්නා කොට්ටය ඉවත් කොට සමතලාව ශරීරය සිටින සේ හිස ඇඳ මත තබා නිදාගන්න.